"අසා..කෝච් උඹට කතා කරනවා.."
මිහිරාන්ගෙ හඬට සිහියට ආපු මෙහෙර් අසලිය ලාවට වගේ ඔලුව වැනුවෙ හරි කියන්න..කොහොමත් අසලියගෙ අතේ කෑමක් තියෙන කොට ඔයිට වඩා ප්රතිචාරයක් හම්බෙන්නෑ කියලා දන්න නිසාම මිහිරාන් මුකුත් නොකියම වොශ්රූම්ස් පැත්තට ගියා
අසලිය..එහෙමත් නැත්තන් මෙහෙර් අසලිය අග්රවාල්..ශ්රී ලංකා ජාතික ක්රිකට් කණ්ඩායමේ ඉන්න ලාබාලම ක්රීඩකයන් අතුරින් කෙනෙක්..දහනවයෙන් පහළ කණ්ඩායමේදි දැක්වූ දක්ෂතා නිසාම අඩු වයසින්ම ජාතික කණ්ඩායමේ තමන්ගෙ ස්ථානය තහවුරු කරගනිපු අසලිය මේ ගෙවන්නෙ එයාගෙ ජීවිතේ විසිදෙවනි අවුරුද්ද..
පියා ඉන්දියන් ජාතික උනත් මව sri lankan නිසා අසලියට හම්බුනේ සිංහල-හින්දු මික්ස් නේම් එකක්..නම දාන්න ගිහින් එයාගෙ අම්මයි තාත්තයි කොච්චර රණ්ඩු කරාද කියලා බාප්පා එයාට කියලා තිබුනා..කණ්ඩායමේ අසලියට වඩා බාල ක්රීඩකයො දෙන්නෙක් හිටියත් ගොඩක් වෙලාවට ඒ හැමෝගෙම ආදරය ලැබුනෙ අසලියට..අසලියා(Azalea) මලක් තරම්ම ලස්සන එයා ශ්රී ලංකාවට මැණිකක්..
"අසා..යකෝ..මල්ලි..උඹ තාම මෙතනද..කෝච් පිස්සු බල්ලෙක් වගේ උඹව හොයනවා..උඹ මෙතන හොඳට ඩෝනට් ගිලිනවා.."
වොශ්රූම් එකට ගිහින් ආයෙත් එමින් හිටපු මිහිරාන් මේ පාර නම් අසලියගෙ අතේ තිබුනු ඩෝනට් එක ඇදල ගත්තා..කොල්ලට හිනාගියේ අසලිය ඒක කාලා තියෙන විදියට..අමුතු විදියකට හැඩ කරල තිබුනු ඩෝනට් එකේ උඩ තිබුනු ටික කන්න දුක හිතුනු නිසා අසලිය කාලා තිබුනෙ අනිත් ටික විතරයි..කාලා කියන්නෙ ඒක නිකන් චූටි මී පැටියෙක් දත් වලින් හපල වගේ..
"චූට්ටක් ඉන්න අනේ..මේක කනකල්.."
ආයෙමත් ඩෝනට් එක උදුරන් ඉතිරි ටිකත් දුකෙන් වගේ හප හප අසලිය කියද්දි මිහිරාන් ඉණට අත් දෙකත් තියන් බලන් හිටියා..අනිද්දට පාකිස්ථානයත් එක්ක මැච් එකක් තියාගෙන මූ ඩෝනට් ගිලිනවා..කෝච් දැක්කනන් බෙල්ල ගලවගන්න තිබුනා..
කොහොමහරි අසලිය අන්තිම ටිකත් ලෙවකනකල් බලන් ඉඳපු මිහිරාන් ටිෂූ එකක් අරන් කට වටේ පිහිදැම්මෙ අසලිය බබෙක් වගේ බලන් ඉද්දි..එක අතකට කෝච් ටීම් මෙම්බර්ස්ලට බනින එක සාධාරණයි..තොපි තමා මේකාව හදාගන්න දෙන්නැත්තෙ කියලා කෝච් දවසට විසි තිස් පාරක් විතර කෑගැහුවත් මේ පියෝ හේසල් පාට ඇස් දිහා බලන් බනින්න තරන් ටීම් මෙම්බර්ස්ලට හිත හදාගන්න බැරි උනා..අසලිය නිසා කෝච්ගෙන් වැඩිපුරම බැනුම් අහන අය අතරෙ ඕපන් බැට්ස්මන් මිහිරාන් වගේම T20 කැප්ටන් ගනිදුත් හිටියා..
YOU ARE READING
Not Out 🏏♥️
Non-Fictionපපුවකට තියා හිස හැකියි නම් නිවෙන්න විසිර ගිය සුසුම්වල බිඳක් ගෙන තියන්න එවිට මට හැකියි නුඹෙ නළල් තල සිඹින්න ආදරය මොනතරම් ගැඹුරුදැයි කියන්න 🏏💖 Start: 2024/03/09 End: