🏏තිස්පස්වන පන්දුව

763 102 7
                                    

තීර්ථ එයාට එහාපැත්තෙන් වාඩිවෙලා ඉන්න අසලිය දිහා බැලුවෙ හරිම බැරෑරුම් විදියට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

තීර්ථ එයාට එහාපැත්තෙන් වාඩිවෙලා ඉන්න අසලිය දිහා බැලුවෙ හරිම බැරෑරුම් විදියට. ලයිම් ජූස් එකත් අතේ තියන් ඔහේ බලන් ඉඳපු කොල්ලගෙ කොණ්ඩෙ හෙන ගහලා වගේ ඇවිස්සිලා තිබුනෙ කලින් දවසෙ රෑ බීපුවයෙ ප්‍රතිඵලත් පෙන්නන ගමන්.

තීර්ථ අසලිය දිහා බලන් ඉද්දි අසලිය හිමින් හිමින් ලයිම් ජූස් එක බොන්න ගත්තා. තවම දෙන්නගෙන් එක්කෙනෙක්වත් කතා කරන්න සූදානම් නෑ.

තීර්ථ දන්නවා අසලිය මේ ඉන්නෙ කතා කරන්න ඕන වුණත් කතා කරගන්න බැරි මූඩ් එකක කියලා. ඉතින් අසලියට ඕන වෙලාවක කතා කරයිනෙ කියලා හිතපු තීර්ථ අසලියව වැඩිය කෙයා' නොකර ටීවි එකේ ෆිල්ම් එකක් දාගත්තා.

"අය්..යේ.."

ටික වෙලාවකින් අසලියගෙ හඬ හිමීට ඇහෙද්දි තීර්ථ එහෙන්මම ටීවි එක ඕෆ් කරලා අසලිය දිහා බැලුවා.

"ම්..මං..මං..ඩ්..ඩෑඩ්ගෙ..නෙව්- "

වචන සම්පූර්ණ කරන්න කලින් අසලියට ඉකිගැහෙද්දි තීර්ථ අසලියව තුරුල් කරගත්තා.

තීර්ථ තවමත් නිශ්ශබ්දව ඉද්දි තීර්ථගෙ පපුවට තුරුල් වුණු අසලිය ඉකි ගගහා ඇඬුවා. තීර්ථ මේක බලාපොරොත්තුවෙන් හිටපු දෙයක්. අසලිය Monaco යනවා කියන්නෙම රහස් ගොඩක් එළි වෙනවා කියන එක එයා දැනන් හිටපු නිසා තමා තීර්ථ ඒ ගමන නවත්තන්න හැදුවෙ. ඒත් අසලිය හිතුවක්කාරකමට Monaco ගිය එකේ අන්තිම ප්‍රතිඵලය වුණේ අසලියගෙ හිත ගොඩක් රිදුන එක.

පැයකාලකට වඩා තීර්ථට තුරුල් වෙලා අඬපු අසලිය අන්තිමට තීර්ථගෙ පපුවට තුරුල් වෙලාම කතා කරන්න ගත්තා.

"අයියේහ්.."

"ම්ම්.."

"සමාවෙන්න.."

Not Out 🏏♥️Where stories live. Discover now