🏏විසිපස්වන පන්දුව

746 108 17
                                    

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
















Several months later..

"ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ පරාජයට හේතුව නායකයා ලෙස ඔබ වගකීම නිසිලෙස ඉටු නොකිරීම කියලා කිව්වොත් ඔබ පිළිගන්නවද.."

එයාර්පෝර්ට් එකෙන් එළියට ආපු අසලියගෙන් මීඩියාකාරයෙක් ප්‍රශ්න අහපු හැටි තීර්ථ බලන් හිටියෙ දත්මිටි කාගෙන. කොල්ලට පුදුමාකාර කේන්තියක් දැනුනෙ ඒ මිනිහා අසලියව ප්‍රෙශර් කරන විදියට.

"චතුර.."

"බොස්.."

"අරූ මොකාද..වැඩ කරන්නෙ මොන බල්ලටද කියලා හොයපන්.."

තීර්ථ කේන්තියෙන්ම කියද්දි චතුර ඉක්මනින් ටැබ් එක අතට ගත්තා. හවස් වෙන්න කලින් චතුර ඕකාගෙ අල්ලපු ගෙදර මිනිස්සු ඊයේ රෑට කෑවේ මොනාද කියලත් හොයාගන්නවා කියලා තීර්ථට ශුවර් නිසා එයා එතනින් එහාට මුකුත් නොකිය tv එක දිහා බැලුවා.

"ඔබට අගමැතිතුමාගේ පවුලෙ අයත් එක්ක තියෙන සමීප සම්බන්ධෙ මොකක්ද.."

"අගමැතිතුමාගෙ පුතාව බඳින්න ඉන්නෙ මූනෙ.."

මීඩියා වලින් අහන නොවැදගත් ප්‍රශ්න වලට අසලිය උත්තර නොදී හිටියත් එතනින් එහාට යන්න ආපු මිහිරාන් කියාගෙන ගියපු කතාව නම් එතන හොඳට රෙකෝඩ් වෙලා තිබ්බා. මොකද අසලිය උත්තර දෙනකල් හැමෝම වගේ නිහඬ වෙලා හිටපු නිසා මිහිරාන් හිමින් කියාගෙන ගියපු එකත් එතන ගොඩක් පැහැදිලිව ඇහෙන්න තිබුනා.

Not Out 🏏♥️Where stories live. Discover now