🏏තිස්අටවන පන්දුව

829 102 28
                                    

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අසලිය මල 💖

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අසලිය මල 💖

.

.

.

.
වෙලාව උදේ හත විතර වුණත් වැහි අන්ධකාරය නිසාම මුළු කොළඹ ම අමුතු අඳුරක ගිලිලා තිබ්බා. ඉර එළියක් ලාවටවත් නැති වුණත් සතියෙ දවසක් නිසා මිනිස්සුන්ගෙ එදිනෙදා කටයුතු සාමාන්‍ය විදියට එදත් සිද්ධ වුණා.

කොළඹ නගරයේ ම එක පැත්තක නිවාස සංකීර්ණයක් ළඟ නම් මේ වෙද්දි පොඩි කලබලකාරී ගතියක් තිබුනත් ඒකට හේතුව මොකක්ද කියලා එතන ජීවත් වෙන සාමාන්‍ය මිනිස්සු කවුරුවත් දැනන් හිටියෙ නෑ. එහෙමයි කියලා එයාලා හොයන්න ගියෙත් නෑ.

"බොස් ආවද.."

කොණ්ඩෙ වවාගෙන රැවුල වවාගෙන හිටපු දැවැන්ත ශරීරයකට හිමිකම් කියපු මනුස්සයෙක් ඒ අහළ පහළ හිටපු පොඩි කොල්ලෙක්ගෙන් එහෙම අහද්දි ඒ කොල්ලා නෑ කියන්න ඔලුව වැනුවා.

"කිරා..අරවා රෙඩිද.."

"එව්වා හරි ලොක්කා..බොස් එන්න විතරයි තියෙන්නෙ.."

කොණ්ඩෙ වවලා කනට කරාබු දාලා හිටපු තව මනුස්සයෙක් ඇවිත් මොනාදෝ කියවද්දි එතන හිටපු තව කෙනෙක් පුදුමාකාර කුතුහලේකින් බලන් හිටියෙ මේ කියන බොස් කවුද කියලා දැනගන්න.

Not Out 🏏♥️Where stories live. Discover now