🏏හතළිස් තුන්වන පන්දුව

712 91 24
                                    


Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.



















මේ ගෙවෙන්නෙ අවුරුද්දක අවසාන මාසයට කලින් මාසෙත් අන්තිම සතිය වෙද්දි ගොඩක් අයගෙ ජීවිත සාමාන්‍ය විදියට ගෙවිලා යමින් තිබුනා. ඒත් ඒ ගොඩක් අය කියන පිරිසට කීපදෙනෙක් අයිතිවුණේ නම් නෑ. කොහොමවුණත් විවිධාකාර ප්‍රශ්න මැද්දෙන් තවමත් හැමෝගෙම වගේ ජීවිත හොඳ විදියට ගෙවුනා. හැබැයි ඒ එක්කෙනෙක්ගෙ හැර.

"චූටි බේබි දැන්ම යන්නැද්ද.."

"නෑ ලලිත් අංකල්..මට ටිකක් වඳින්න ඕන.."

"හරි..ඇමතිතුමා කිව්වෙ බේබි වැඩ ඉවර වුණාම එක්කන් යන්න කියලා..ඒත් පුලුවන් නම් ඉක්මන් කරන්න.."

"හරී.."

අතේ තියෙන සුදු නෙළුම් මල් වට්ටියෙන් මල් කීපයක් මල් ආසනේ තියලා මල් වට්ටිය අල්ලගෙනම තවීශ් වඳිද්දි එයා ළඟම හිටපු ගාඩ් කෙනෙක් මල් වට්ටිය ගත්තෙ තවීශ්ට නිදහසේ වඳින්න පුලුවන් වෙන්න.

සුදු පාට ට්‍රවුසර් එකට සුදු පාටම ලෝන්ග් ස්ලීව් ශර්ට් එකක් ඇඳලා හිටපු පොඩි කොල්ලගෙන් දිස් වුණේ කඩවසම් වගේම අමුතු හුරුබුහුටි පෙනුමක්. සතියෙ දවසක් නිසාම වැඩිය සෙනග නැති වුණත් ඉඳපු හැමෝගෙම වගේ ඇස් යොමුවෙලා තිබුනෙ මේ ලස්සන කොල්ලා දිහාට. ශ්‍රී ලංකා ක්‍රිකට් වලට පායන්න ඉන්න අලුත් තරුව හරිම නිදහසේ දළදා මාළිගාවෙ එහෙ මෙහෙ ඇවිදිද්දි ඊට පිටිපස්සෙන් බිල්ලො වගේ ඇවිදින ගාඩ්ස්ලා දැක්කාම කවුරුවත් තවීශ්ට වදයක් වෙන්න ආවේ නෑ. ක්‍රිකටර් වෙන්න කලිනුයි එයා රටේ ප්‍රයිම් මිනිස්ටර්ගෙ පුතා වුණේ.

Not Out 🏏♥️Where stories live. Discover now