"මේක ඩ්‍රීම් එකක්..නෙවෙයි නේද.."
"ම්ම්..නෑ.."
"මං..මොනාහරි..කියන්න..ඕනද.."
"කැමතිනන්.."
විනාඩි කීපයක් ගෙවෙනකල් තීර්ථගෙ සද්දයක් නැති වෙද්දි අසලිය ඔලුව උස්සලා තීර්ථ දිහා බැලුවා. ඒ වෙද්දිත් තීර්ථගෙ දිළිසෙන ඇස් අහසේ තියෙන තරුවක් දිහාට හැරිලා තියෙද්දි අසලියට දැනුනෙ ඉරිසියාවක්.
"එහෙ බලන්නෙපා..මගෙ දිහා බලන්න.."
තීර්ථගෙ මූණ පහළට හරවන් අසලිය කියද්දි තීර්ථ අසලියගෙ නළලට හාදුවක් තියලා හිනාවුණා.
මීට මොහොතකට කලින් එයා දැකපු අහපු දේවල් තවමත් දරාගන්න පුලුවන් මට්ටමක නෙවෙයි තීර්ථ ඉන්නෙ.
YOU ARE READING
Not Out 🏏♥️
Non-Fictionපපුවකට තියා හිස හැකියි නම් නිවෙන්න විසිර ගිය සුසුම්වල බිඳක් ගෙන තියන්න එවිට මට හැකියි නුඹෙ නළල් තල සිඹින්න ආදරය මොනතරම් ගැඹුරුදැයි කියන්න 🏏💖 Start: 2024/03/09 End: