🏏දහතුන්වන පන්දුව

976 118 35
                                    


























"අම්මපා කේශ්..තවුසෙනන් මහ ගෙම්බෙක්.."

"කටවහන් ඕක අස්කරපන්.."

"හරි ඕයි..ඔය බැට් එක එහාට ගනින්කො..එහාට යන පාරටයි මෙහාට යන පාරටයි ගහන්නෙ..මගේ සූටි පස්ස ෆ්ලැට් වෙනව දැන්.."

"ගැහුවම ෆ්ලැට් වෙන්නෑනෙ බෝල වෙනවනෙ.."

"ඒව්ව්..වලත්තයා.."

ගනිදු මූණත් මොකක්ද කරන් කියද්දි අකේශ් හිනාඋනා.

"අර..අර..අතන..අර බොක්ස් ටික ඩස්ට්බින් දාපන්.."

"මගේ ඇස් පේනවා.."

"මං හිතුවෙ නෑ කියලා.."

"හහ්..එහෙම උනානන් මෙහෙම උඹ පස්සෙන් වැඳගෙන එන්නෑ..පන්සලකට වෙලා බණක් භාවනාවක් කරන් ඉන්නවා.."

"ම්ම්..ඇත්තට.."

"ඔ- හාට්ඇටෑක් හදවන්නද හදන්නෙ ආ.."

එයාගෙ බඩ වටේ එතුනු අකේශ්ගෙ අතට තට්ටුවක් දාලා ගනිදු අහද්දි අකේශ් මුකුත් නොකිය ගනිදුගෙ හිස් මුදුනට දැනෙන නොදැනෙන ගාණට හාද්දක් දුන්නා.

"මට වෙලාවකට උඹව මරන්න හිතෙනවා.."

"මටත් මාවම මරාගන්න හිතෙන වෙලාවල් තියෙනවා.."

"එහෙම හිතන්නෙපා..උඹ වෙනුවෙන් කීදෙනෙක් ඉන්නවද කියලා උඹ තවම දන්නෑ.."

"ම්න්..අර යකා කොල්ලට මොනා කන්න හැදුවද දන්නෑ.."

කතාව වෙනස් කරන්න ඕනවට ගනිදු තීර්ථවයි අසලියවයි මතක් කරද්දි අකේශුත් හිනාවෙලා ගනිදුගෙන් ඈත්උනා. තීර්ථයි අසලියයි අකේශ්ගෙ බෙඩ්රූම් එක යථාතත්වයට පත් කරල ගෙදර යද්දි අකේශ් ගනිදු ලව්වා කිචන් එක අස් කෙරෙව්වෙ මිහිරාන් ඇන්ඩ් දිල්හාර ඩබල නොකියම මිසින් වෙලා තියෙද්දි..

"ඌයි උඹයි මොන රෙද්දක් කරන්න යනවද කියලා මට තාම හිතාගන්න බෑ.."

"මේකවත් අපි දෙන්නට හොරෙන් කරන්න දීපන්කො බං.."

"ම්ම්..ප්‍රශ්න වැඩිකරගන්නෙපා.."

ගනිදු කියන්නෙ අහක යන බාල්දිත් ස්ව කැමැත්තෙන්ම ඔලුවෙ පෙරලගන්න ඩයල් එක නිසා අකේශ් එහෙම කිව්වෙ වැඩි හොඳට..

Not Out 🏏♥️Where stories live. Discover now