🏏තිස්දෙවන පන්දුව

779 118 52
                                    

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.









"මං හිතුවෙ නෑනෙ තීර්ථට ආකාශ්ගෙ පුතාලා එක්ක මෙච්චර ක්ලෝස් කනෙක්ෂන් එකක් තියෙයි කියලා.."

"ඕහ්..මිස්ටර් නාගහවත්ත ඒ ගැන දන්නෑ කියන එකත් පුදුමයි..ඒ යාලුවො පොඩි කාලෙ ඉඳන්ම ළඟින් ආශ්‍රය කරන අය තමා.."

"ඉතින් පුතාට දැන්ම මැරි කරන්න අදහසක් නැද්ද.."

"නෑ මිස්ටර් නාගහවත්ත.."

එයාට කතා කරපු මනුස්සයා පුතා කියලා කිව්වත් තීර්ථ සුපුරුදු ආඩම්බරකාර බැල්මෙන් ම ඒ මනුස්සයගෙ නම කියලා උත්තර දෙද්දි ඒ මූණ ඇදවෙලා ගියා. ඒත් එයා ඒක හංගන් කතා කරන්න ගත්තෙ කීපදෙනෙක් අවදානෙ පිරුණු ඇස් ඒ කන්වසේශන් එකට යොමුවෙලා තියෙද්දි

"මගේ ඩෝටර් අද එන්නමයි හිටියෙ..ඒත් ඉතින් එයාට ඉම්පෝටන්ට් වැඩක් වැටුනනෙ.."

ඒ මනුස්සයා ඇස් යට්න් බලලා තීර්ථට කියද්දි තීර්ථ ඒක ගණන් ගත්තෙ නෑ. තීර්ථට ඔය එක එක එවුන්ගෙන් වැඩක් නෑ. තීර්ථට මෙතන්ට අවශ්‍යම කෙනා මේ වෙලාවෙත් තීර්ථට පේන තැනක ඉඳන් වයින් ග්ලාස් එකක් එක්ක කෝලම් කරනවනෙ.

"පුත්- "

"අයියා..කම් විත් අස්..ලෙට්ස් ටේක් ෆොටෝස්.."

අර මනුස්සයට වචනවත් සම්පූර්ණ කරන්න නොදී එතන්ට දුවන් ආපු තවීශ් තීර්ථ මොකුත් කියන්නත් කලින් ම තීර්ථව ඇදගෙන අසලියලා හිටපු ටේබල් එකට ගියා.

"ඕ ගෝඩ්..තෑන්ක්ස් තවී.."

අසලියගෙ එහාපැත්තෙන් වාඩිවෙලා තීර්ථ කියද්දි තවීශ් ඇහැක් ගැහුවා.

Not Out 🏏♥️Where stories live. Discover now