"අඩෝ ඒහ්..අර මෙහෙර් නේද බං.."
"අම්මටසිරි..ලබන සතියෙ මැච් තියාගෙන ඩයල් එක මොකද එතන..මාංචුත් දාලා හු#තො.."
"මොකක්හරි වරත්තු වැඩක් කරල මාට්ටු වෙන්නැති බං.."
"ඇන්නා පැන්නා සීන් එකක්ද දන්නෑ.."
"මුන් හිතන් ඉන්නෙ සේරම සල්ලි වලින් යට කරන්න පුලුවන් කියලා.."
"මං හිතුවෙ මූ කැප්ටන් උනාට පස්සෙ ටීම් එකේ විනය හැදෙයි කියලා.."
"ටීම් එකේ විනය හදන්නෙ කොහොමද බං කැප්ටන් ම මෙහෙම හැසිරෙද්දි.."
"උඹලා දැන් මෙතන්ට ආවේ බණ කියන්නද..අන්න අර රාළහාමි ළඟට ගිහින් දඩේ ගෙවලා ගෙවල්වල පලයව්.."
වට්ටි අම්මලා තුන්දෙනෙක් වගේ කියව කියව ආපු කොල්ලො තුන්දෙනාට කෑගහපු පොලිස් නිලධාරියා උන්ව එතනින් එලවලා දාලා අසලියට පොඩි හිනාවක් දාලා එතනින් එහාට උනා.
ඒත් අසලියට ඒ දේවල් ගැන හිතන්න මානසිකත්වයක් තිබුනෙ නෑ. එයා දැනටමත් ප්රශ්න ගොඩක හිරවෙලයි හිටියෙ. අසලියගෙ පර්සනල් ලෝයර් සැරින් සැරේ ෆෝන් එක කනේ ගහන් එහෙට මෙහෙට දුවන දිහා අසලිය බලන් හිටියෙ හැඟීම් විරහිත ඇස්වලින්.
"අරූගෙ වාහනේ සම්පූර්ණයෙන්ම ගිනිඅරන් බං..බොඩි එකවත් ගන්න දෙයක් නෑලු.."
"මොකක්.."
"ඔව් බං..සුපිරියටම ප්ලෑන් කරල හැබැයි ඕක කරල තියෙන්නෙ.."
"පට්ට මොළකාරයෙක් වගේම භයානක ගේම්කාරයෙක්..නැත්තන් මොකාද කියපන්කො සෙනග ගැවසෙන කොළඹ පාරකම ඕකාව මරලා ගිනිතියලා යන්නෙ.."
YOU ARE READING
Not Out 🏏♥️
Non-Fictionපපුවකට තියා හිස හැකියි නම් නිවෙන්න විසිර ගිය සුසුම්වල බිඳක් ගෙන තියන්න එවිට මට හැකියි නුඹෙ නළල් තල සිඹින්න ආදරය මොනතරම් ගැඹුරුදැයි කියන්න 🏏💖 Start: 2024/03/09 End: