"දැන් ආයෙ පටන් ගමු..සේරම පැහැදිලිව..මුල ඉඳන්ම මට කියන්න.."
අසලිය කියද්දි භානුක නාගහවත්ත කීපදෙනෙක් විතරක් දැනන් ඉඳපු අතීතයක් අසලිය ඉස්සරහ දිගාරින්න පටන් ගත්තෙ මෙතනින් එහා කොහොමටවත් මෙහෙර් අග්‍රවාල්ගෙන් නිදහසක් ලැබෙන්නෑ කියලා හොඳටම අවබෝධ කරගෙන.
.
.
.
"ආකාශ් අග්‍රවාල්ව මං මුලින්ම දැක්කෙ බිස්නස් ඉවෙන්ට් එකකදි..කාගෙ කවුද කියලා දැනගත්තෙ හර්ශ් අග්‍රවාල් එයාගෙ පුතා කියලා ආකාශ්ව ඔෆීශියලි ඉන්ට්‍රඩියුස් කරපු වෙලාවෙ..එතකොට ආකාශ්ට අවුරුදු විසිදෙකක් වගේ..අපි මෙහේ කැම්පස් යනගමන් දුක් විඳිද්දි ඌ ස්ටඩීස් ඉවර කරලත් තිබුනා..ආකාශ් කා එක්කවත් කතා කරේ නෑ..ප්‍රසිඩන්ට් එක්ක පවා හිනාවෙලා නිකන් හිටියා..ඒක නිසාම එයාව ගොඩක් අයට ඉක්මනට නෝට් වුණා..ආකාශ් එහෙම කරන්න ඇත්තෙත් ඉතින් අවදානයක් බලාපොරොත්තුවෙන් කියලා තමා හැමෝම හිතුවෙ.."
"අවදානෙ උඹේ- නොදන්න රෙද්දවල් කියවන් නැතුව අවශ්‍ය දේවල් විතරක් කියවපන්..මගේ ඩෑඩ්ට ආයෙ අමුතුවෙන් එහෙම අවදානෙ හිඟාකන්න ඕන්නෑ..අනික මේ රට අදටත් දුවන්නෙත් බාගයක් මගේ තාත්තගෙ පවර්ස් & ප්‍රොපටීස් වලින්..නැත්තන් තොපිට ඉන්දියාවෙන් තෙලුත් නෑ..කන්නත් නෑ.."
භානුකගෙ කට කොනේ ඇඳුනු අපහාසාත්මක හිනාව නිසාම අසලිය ආයෙ පාරක් භානුකගෙ බෙල්ල හිරකරා.
"හ්ම්ම්..බකමූණා වගේ බලන් ඉන්නැතුව ඉතිරි ටිකත් කියපන්..උඹ නොකිව්වත් උඹට බේරීමක් නැති එකේ ඔන්න ඔහේ මට කියලම මැරියන්..ම්ම්.."
YOU ARE READING
Not Out 🏏♥️
No Ficciónපපුවකට තියා හිස හැකියි නම් නිවෙන්න විසිර ගිය සුසුම්වල බිඳක් ගෙන තියන්න එවිට මට හැකියි නුඹෙ නළල් තල සිඹින්න ආදරය මොනතරම් ගැඹුරුදැයි කියන්න 🏏💖 Start: 2024/03/09 End: