"Borella General Cemetery.."
සෙමෙට්‍රි එක ඉස්සරහින් නවත්තපු සුදු පාට අවුඩියේ පැසෙන්ජර් සීට් එකේ ඩෝ එක ඕපන් වෙද්දි ඒත් එක්කම පිටිපස්සෙ සීට් එකේ ඩෝ එකත් ඕපන් වුණේ කලබලෙන් වගේ.
"Don't run.."
ඉස්සරහ සීට් එකෙන් බැහැපු ජීවියා ඉස්සරහට අඩියක් තියද්දි ම බ්ලැක් කලර් ට්‍රවුසර් එකට වයිට් කලර් හූඩියක් ඇඳන් හිටපු අනිත් කෙනා එයාව හුඟක් තදින් අල්ලගත්තා.
අවුරුදු කීපයක ඉඳලා සුපුරුදු තැනක් වුණු බොරැල්ල සෙමෙට්‍රි එක ඇතුලට එයා හිමින් හිමින් අඩිය තියද්දි එයාගෙ අතක පැටලුනු අනිත් කෙනත් ඒ හා සමාන්තරව අඩි තිබ්බා.
බොරැල්ල ආදාහනාගාරය. අවුරුදු කීපයක ඉඳලා අසලියට හුඟක් සමීප වුණු තැනක්.
ඒක ටිකක් විහිළුවක් වගේ ද..කනත්තක් හුඟක් සමීප තැනක් කියන එක.
කවුරු කොහොම හිතුවත් ඒක අසලියට හුඟක් සමීප තැනක්. මොකද එයා මේ ලෝකෙ ගොඩක්ම ආදරේ කරන තුන්දෙනෙක්ගෙ, එයාට හුඟක්ම සමීප තුන්දෙනෙක්ගෙ අවසන් මතක රැඳිලා තියෙන්නෙ මෙතන.
අරලිය ගස් පිරුණු අඩිපාර දිගේ අසලිය හිමින් හිමින් ඉස්සරහට ගිහින් නැවතුනේ එක තැනක. අවුරුදු කීපයකට කලින් තිබුනු සොහොන් කොත් දෙක ළඟට තවත් සොහොන් කොතක් එකතු වෙලා තිබුනා.
අසලිය එයාගෙ අතේ තිබුනු ඩේසි ෆ්ලවර් බොකේ එකයි ටියුලිප්ස් බොකේ එකයි එක අතකට අරගෙන සොහොන් කොත් තුන ඉස්සරහ දණ ගහගනිද්දි ඒ අතේ එල්ලිලා ආපු කෙනාත් එයාගෙ අතේ තිබුනු කානේෂන් ෆ්ලවර් බොකේ එක අලුතින් හදපු සොහොන් කොත ළඟින් තිබ්බා.
YOU ARE READING
Not Out 🏏♥️
Kurgu Olmayanපපුවකට තියා හිස හැකියි නම් නිවෙන්න විසිර ගිය සුසුම්වල බිඳක් ගෙන තියන්න එවිට මට හැකියි නුඹෙ නළල් තල සිඹින්න ආදරය මොනතරම් ගැඹුරුදැයි කියන්න 🏏💖 Start: 2024/03/09 End: