"අවා..උඹට කිරි පැකට් එකක් හරි ගෙනත් දෙන්නද.."
"ම්හ්.."
"එපා කියලා බෑ උඹ මේ දවස් ටිකේම බඩගින්නෙනෙ බං.."
ගනිදු කියද්දි තීර්ථ ගනිදු දිහා බලලා රැව්වා. තීර්ථට ඕන වුණේ ටිකක් නිදහසේ ඉන්න වෙද්දි ගනිදුගෙ කච කචේ තීර්ථට හිසරදයක් වුණා. ඇත්තටම කිව්වොත් ඒක කච කචයක්ම නෙවෙයි.
මේ ගෙවෙන්නෙ අසලිය ඇක්සිඩන්ට් වෙලා ගෙවෙන තුන්වෙනි දවස. ඩොක්ටර්ස්ලට අනුව අසලියට අද දවස ඇතුලත අනිවාර්යයෙන්ම සිහිය එන්න ඕන වුණත් දැන් වෙලාව රෑ හත විතර වුණා. තීර්ථ හිටියෙ ගොඩක් කලබල වෙලා. ඒ අස්සෙ ගනිදු කෑමක් ගැන කියවද්දි එයාට කේන්ති ගියා. ඒත් ගනිදුගෙ බැනුමෙ වරදක් නෑ. මොකද ඔය විදියට තීර්ථ හිතුවක්කාර වුණොත් අසලියට සිහිය එද්දි තීර්ථව ඇඩ්මිට් කරන්න වෙයිද කියලා එයාට හිතුනා.
"අවා.."
මෙච්චර දවසක්ම තීර්ථට සැනසෙන්නවත් එක වචනයක් නොකිය දිල්හාර එක්ක අරෙහෙ මෙහෙ ගියපු අකේශ්ට හොස්පිට්ල් එකට එන්න ඉඩක් ලැබුනෙ දැන්. දිල්හාරත් එන්න දැඟලුවත් හරි හමන් කෑමක් ගන්නැතුව මහන්සි වෙලා හිටපු දිල්හාරව සිතාරාට බාරදීලා අකේශ් හොස්පිට්ල් ආවේ මේ වෙලාවෙ තීර්ථට එයාව ඕන කියලා හිතුනු නිසා.
"ක්..කේශ්.."
"බබාට මුකුත් වෙන්නෑ..ට්‍රස්ට් මී..කොල්ලා ටිකකින් නැගිටියි.."
YOU ARE READING
Not Out 🏏♥️
Non-Fictionපපුවකට තියා හිස හැකියි නම් නිවෙන්න විසිර ගිය සුසුම්වල බිඳක් ගෙන තියන්න එවිට මට හැකියි නුඹෙ නළල් තල සිඹින්න ආදරය මොනතරම් ගැඹුරුදැයි කියන්න 🏏💖 Start: 2024/03/09 End: