මේ අලුත් අවුරුද්දක උදාවට පස්සෙ පටන් ගන්න තුන්වෙනි දවස. ඒ කියන්නෙ ජනවාරි තුන. වෙලාව හරියටම පාන්දර එකයි.
කොළඹ තියෙන පෞද්ගලික රෝහලක් පුරාම තියෙන්නෙ කලබලයක්. සැරින් සැරේ එහෙ මෙහෙ යන පොලිස් ජීප්ස්, ත්‍රිවිධ හමුදා ආරක්ෂකයො වගේම කවුරුහරි රටේ නමගිය පුද්ගලයෙක්ට අයිති කියන්න පුලුවන් පෞද්ගලික ආරක්ෂකයො පනහකට වඩා හොස්පිට්ල් එක පුරාම හිටියා. ඩොක්ටර්ස්ලා නර්ස්ලගෙ ඉඳන් සිකියුරිටි ටීම් එක දක්වාම හැමෝම හිටියෙ කලබල වෙලා.
ඒත් ඒ හැමෝටම වඩා කලබල වුණු කෙනෙක්ගෙ ඇස් Intensive Care Unit එහෙමත් නැත්තන් ICU එකේ දොර දිහාටම ඇලිලා තිබුනා. සුදු පාට ශර්ට් එකකට සුදු පාටම ට්‍රවුසර් එකක් ඇඳපු ඒ පිරිමි ළමයා බැලූ බැල්මටම හොඳ වැදගත් සල්ලිකාර පවුලක ළමයෙක් කියලා කියන්න පුලුවන්. ඒත් දැන් එයාගෙන් දිස්වුණේ වෙනස්ම පෙනුමක්.
කොහොමවුණත් එයා පැය කීපයකට කලින් ඒ සුදු ශර්ට් එක පිළිවෙළට යටකරලා ඇඳලා හිටියා කියලා සාක්ෂි දැරුවෙ එක පැත්තකින් ඒක තාමත් ට්‍රවුසර් එකට යටකරපු විදියට තියෙන නිසා. ඒ මූණ කඳුලු වලින් පෙඟිලා තියෙද්දි තද කළු ඇස් රතට හැරිලා තිබුනා. එතන හිටපු අවුරුදු දාහතක් විතර කියන්න පුලුවන් දුටු පමණින්ම නිවුන්නු කියලා පේන තව පොඩි පිරිමි ළමයි දෙන්නගෙන් එක්කෙනෙක් එයාගෙ ටමී එකට අර ලොකු පිරිමි ළමයගෙ ඔලුව හේත්තු කරන් අතගාද්දි එයාගෙ අනිත් කෑල්ල අර ලොකු පිරිමි ළමයගෙ පිට අතගගා ඇස්වලින් වැටෙන කඳුලු පිහිදැම්මා.
YOU ARE READING
Not Out 🏏♥️
Non-Fictionපපුවකට තියා හිස හැකියි නම් නිවෙන්න විසිර ගිය සුසුම්වල බිඳක් ගෙන තියන්න එවිට මට හැකියි නුඹෙ නළල් තල සිඹින්න ආදරය මොනතරම් ගැඹුරුදැයි කියන්න 🏏💖 Start: 2024/03/09 End: