🙈💞
"හුවෑඈඈඈඈඈඈඈඈඈ..................."
"අනේ කටවහපන්කො චූටි..මොන මගුලක්ද මේ.."
"ඈහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්..හුවෑඈඈඈඈඈඈඈඈඈ....."
"තවී..කෝ ඉතින් කෑගහන්නැතුව ඉන්නකො..කෝ මූණ හරවන්න හොඳ දරුවා වගේ.."
"තවීශ් බබා ඔහොම ඉඳලා කොහොමද ඩොක්ටර් බෙහෙත් දාන්නෙ.."
"අසී......"
පාර්ලිමන්ට් ගිහින් අමාත්‍යංශෙටත් ගිහින් වැඩ වගයක් ඉවර කරල හවස පහට විතර ගෙදර ආපු තීර්ථ ගෙට ගොඩවෙද්දි ම ගැස්සිලා ගියේ ඇහුනු විලාපෙට..
කෑගහන්නෙ තවීශ් කියලා තීර්ථ වටහාගත්තෙ ඊටපස්සෙ ඇහුනු අවීශ්ගෙ සද්දෙට..ඒ අස්සෙන් අසලියත් කතා කරනවා ඇහෙද්දි තීර්ථයි ඒකාගෙ ප්‍රයිවට් ගාඩුයි මූණට මූණ බලාගත්තා. ඊටපස්සෙ තව ගාඩ් කෙනෙක් කතා කරනව ඇහෙද්දි තීර්ථ ගාඩ් එක්කම උඩට ගියේ අසලියට කතා කරගෙන....
"අසී මොකද මේ.."
උඩට ගියපු තීර්ථ ගැස්සිලා ගියේ කිඹුල්ලු ඩබලගෙ රූම් එකේ හිටපු සෙනග ගොඩ දැකලා.
"අනේ අයියේ.."
"අසී මොකද ළමයො මේ.."
"අම්මෝහ් බොස් ඇවිත්.."
බෙඩ් එක ළඟට වෙලා හිටපු ගාඩ් යුනිෆෝම් ඇඳන් ඉඳපු කොල්ලා හෙනම සැහැල්ලුවකින් තීර්ථ ගාවට දුවන් ආවේ යුද්ධයක් කරල ඉවර වුණා වගේ.
"කවීෂ උඹ.."
"ආ ඇමතිතුමා..කොහොමද ඉතින්.."
"කාලෙකින් යකෝ..මොකෝ මේ.."
"උඹව දකින්නෙ කාලෙකින් උනාට උඹේ චූටි මල්ලි නම් සතියකට දෙකකට පාරක් මාව බලන්න එනවා.."
YOU ARE READING
Not Out 🏏♥️
Literatura Faktuපපුවකට තියා හිස හැකියි නම් නිවෙන්න විසිර ගිය සුසුම්වල බිඳක් ගෙන තියන්න එවිට මට හැකියි නුඹෙ නළල් තල සිඹින්න ආදරය මොනතරම් ගැඹුරුදැයි කියන්න 🏏💖 Start: 2024/03/09 End: