🏏විසිවන පන්දුව

978 116 32
                                    


Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.















"අසී..වේක'ප්.."

"ම්ම්ම්..ජස්ට් ෆයි..ව් ම්..මි..නිට්ස්.."

"නෝව්..ඉට්'ස් සික්ස් ඕල්රෙඩි.."

"වාආආආට්ට්ට්.."

අසලිය නිදිමත විකාරෙන්ම කෑගහගෙන වගේ බාත්රූම් එකට දිව්වෙ එයාලා හත හමාර වෙද්දි ග්‍රවුන්ඩ් එකේ ඉන්න ඕන නිසා. අද ශ්‍රී ලංකන් ටීම් එකේ ෆස්ට් ප්‍රැක්ටිස් සෙෂන් එක. ඇමරිකාවේ ෆ්ලොරිඩා වල ස්ටේඩියම් එකේ තමා එයාලට ප්‍රැක්ටිස් තිබුනෙ. හොටෙල් එකේ ඉඳන් පැයබාගෙක වගේ දුරක් යන්නත් වුණා.

2024 විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියට සහභාගි වෙන්න ශ්‍රී ලංකා කණ්ඩායම ඇමරිකා ආවේ මීට දවස් දෙකකට විතර කලින්.

"යමූඌඌඌඌඌ.."

අසලිය තීර්ථටත් මැසේජ් එකක් දාලා ඒක හොටෙල් රූම් එකේම තියල ඕන කරන ඒවා උස්සගෙන දිල්හාරත් එක්ක එළියට ආවා.

"වහී ද බං.."

"ඒ වගේනෙ.."

කිට් බෑග් ටික බස් එකට දාලා ටීම් මෙම්බර්ස්ලා බස් එකට යද්දි අකේශ් බලන් හිටියෙ ෆ්ලොරිඩා අහස දිහා.

කොහොමහරි අන්තිමට කට්ටිය ග්‍රවුන්ඩ් එකට ගිහින් ප්‍රැක්ටිස් පටන් ගත්තෙ යන්තම් වැටෙන වැහි පොදේ දි

"අනිවාර්යෙන් සුපර් එයිට් නම් යන්න ඕන පුතේ.."

අකේශ් ප්‍රැක්ටිස් කරන අතරතුරේ කෑගැහුවෙ මේක සමහර අයගෙ ෆස්ට් වර්ල්ඩ් කප් ටුවර් එක නිසා.

Not Out 🏏♥️Where stories live. Discover now