මගේ හිටපු පෙම්වතා දවසක් මට කිව්වා මම යාළුවො එක්ක එලියට යන්න හදද්දී එයා කියන නිශ්චිත වෙලාවකට ගෙදර ආවෙ නැතොත්, මමත් කුලී ගෙවන ගෙදරින් මාව එළියට ඇදලා දානවා කියලා!
ගිය සතියේ මගේ දැන් ඉන්න පෙම්වතා, මහ රෑ දොළහට විතර මම ගිය පාටි එකකට මාව ගන්න ආවා! නිකන් නෙවෙයි බ්ලැන්කට් එකකුයි පොඩි බියර් කෑන් එකකුයි අරගෙන! තව මම කැමති මාෂ්මේලෝ චොක්ලට් එකකුත් එයා ගෙනත් තිබුණා!
එයා මගෙ ඇස් දිහා බලලා කිව්වා ඔයා අද ගාලා තියෙන අයි ලෑෂර් එක හරිම ලස්සනයි. ගොඩක් වෙලා ඔයා නැතුව ඉන්න උනු එක නම් මට හරි පාලුයි කියලා!..
දේවල් වෙනස් වෙනවා!
ඒක ගැන විශ්වාසයෙන් ජීවත් වෙන්න!හිල් කරපු වතුර බෝතලයක් කරකන කොල්ලෙක්ගෙයි කෙල්ලෙක්ගෙයි video එකක් එක්ක fb එකේ තිබුනු හෑල්ල තව පාරක් කියවපු අසලිය එයාට ඉස්සරහ සෝෆා එකේ වාඩිවෙලා කිසිම ගාණක් නැතුව ෆුට්බෝල් මැච් එකක් බලන එයාගෙ ආදරණීය සැමියා දිහා බැලුවා. ශෝට් එකකට ටී ශර්ට් එකක් ඇඳලා බියර් කෑන් එකක් අතේ තියන් හිටපු තීර්ථගෙන් පෙනුනෙ හරිම සැහැල්ලු පෙනුමක්. කොල්ලට කාලෙකින් නිවාඩුවක් ලැබුණු නිසා දවසම නිදහසේ ගෙවන්න ඕන කියලා අසලියට කිව්වෙත් ඊයේ රෑමයි.
ඒත් අසලියට නම් එදා දවස නිවාඩු දවසක් වුණේ නෑ. උදේ හතට ගෙදරින් ගියපු පාර අසලිය ගෙදර ආවේ දැන් පැයබාගෙකට විතර කලින්. දැන් වෙලාව හවස තුනයි. මනුස්සයගෙ නිවාඩු දවසෙ ගෙදර ඉන්නැතුව දැන් ඇවිත් වතුර බෝතලයක් හිල් කරල කරකවන්න ඕන කිව්වොත් තීර්ථ බෝතල් කෙසේවෙතත් අසලියව හිල් කරල කරකවයි කියලා අසලියට සාධාරණ බයක් දැනුනා.
YOU ARE READING
Not Out 🏏♥️
Non-Fictionපපුවකට තියා හිස හැකියි නම් නිවෙන්න විසිර ගිය සුසුම්වල බිඳක් ගෙන තියන්න එවිට මට හැකියි නුඹෙ නළල් තල සිඹින්න ආදරය මොනතරම් ගැඹුරුදැයි කියන්න 🏏💖 Start: 2024/03/09 End: