Avyan's lil bby 🙈💖
"වාව්ව්..අයියේ මේ ඩෙකරේෂන්ස් පට්ට ලස්සනයිනෙ.."
"අපේ වෙඩින් එකේ ඒවා මීටවඩා ලස්සනට තිබුනනෙ බබා.."
"මං ඒවා දැක්කෙ නෑනෙ.."
"ඔව් උඹව හොයාගත්තෙත් ස්ටෝරූම් එකක් අස්සෙන්නෙ.."
"කිඩ්නැප් වෙලා ඉඳලා ඇවිත් කසාද බැඳපු එකම මනුස්සයා මං ද දන්නෑ.."
"ඒක මරු කිඩ්නැප් එක..අනේ නිකන් පලයන් බං යන්න..මහ ලොකු අග්‍රවාල් පවුලෙ උන්ට ඒ වගේ දෙයක්වත් හරියට කරගන්න බෑ.."
"ඇයි ඔයාට හොඳට පුලුවන්ද ඒ වගේ ඒවා.."
"නැත්තන්..අපි ඉස්සුවනන් එක පාරයි..බෑන්ග්.."
"අම්මෝ බය හිතුනා.."
අසලිය හිනාවෙවී කියද්දි තීර්ථට මතක් වුණේ එයාලගෙ වෙඩින් එක..
⬅⬅flashback..
"අවා..උඹට හොඳටම විශ්වාසද මේක කරන්න ඕන කියලා.."
"ඔව් බං ඔව්.."
"ඒත් කොල්ලා කැමති නැතුව.."
"මට උගේ කැමැත්ත අකමැත්ත වැඩක් නෑ කේශ්..මුලින්ම ඌ ජීවත් වෙලා ඉන්නෝන.."
තීර්ථ උත්තර දෙද්දි අකේශ් තීර්ථ දිහා බලන් හිටියෙ කියන්න දෙයක් නැතුව. ආකාශ් අග්‍රවාල් ඇන්ඩ් කවීනා අග්‍රවාල්ගෙ ඇක්සිඩන්ට් එකෙන් මාස හයක් ගෙවිලා තිබුනෙ එයාලගෙ මරණයත් එක්ක අන්තෙටම කඩන් වැටුනු අසලියව ආයෙමත් චුට්ටක් නෝමල් කරලා.
YOU ARE READING
Not Out 🏏♥️
No Ficciónපපුවකට තියා හිස හැකියි නම් නිවෙන්න විසිර ගිය සුසුම්වල බිඳක් ගෙන තියන්න එවිට මට හැකියි නුඹෙ නළල් තල සිඹින්න ආදරය මොනතරම් ගැඹුරුදැයි කියන්න 🏏💖 Start: 2024/03/09 End: