🏏හතළිස් වන පන්දුව

655 91 22
                                    

Azalea boza 😉❤️🔥

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Azalea boza 😉❤️🔥
















පැයගාණකට පස්සෙ අසලිය ඇස් ඇරියෙ එයාගෙ රූම් එකෙන් ඇහුනු හීන් හඬට. හරියට කවුරුහරි සිංදුවක් කියනවා වගේ සද්දයක්.

අසලිය ඇස් අරින්නැතුවම එහාපැත්තට හැරෙන්න ගියත් තුවාල වුණු අතත් එක්ක එයාට ඒක කරගන්න බැරි වුණා. ඉතින් අසලිය හිටපු විදිහටම අමාරුවෙන් ඇස් දෙක ඇරගත්තෙ එයාගෙ රූම් එක ඇතුලෙ සිංදු කියන නයිටිංගේල් කවුද කියලා බලන්න.

"ආ චණ්ඩියා නැගිට්ටද.."

අසලිය ඇස් ඇරලා ඇඳේ එහාට මෙහාට පෙරලෙද්දි මෙච්චර වෙලාම ලාවට පියානෝ එක ප්ලේ කර කර හිටපු ගනිදු අසලිය ළඟට ආවා. එතකොටයි අසලියට තේරුණේ ඒ නයිටිංගේල් ගනිදු කියලා. ඒත් එයාට ඇතිවුනු ලොකුම ප්‍රශ්නෙ තමා ගනිදු මේ වෙලාවෙ මොකක්ද මෙහෙ කරන්නෙ කියන එක.

"මොකක්- ආහ්..ආව්හ්.."

"ඒ..ඒ..ඒ..ඔහොම හිටහන්..අත පෑරෙයි..කෝ නැගිටින්න..හෙඩ්බෝඩ් එකට හේත්තු වෙන්න.."

අසලියගෙ ස්කූබි ප්‍රින්ට් කරල තියෙන්නෙ පිලෝ කේස් එකක් දාපු පිලෝ එක අරන් හෙඩ්බෝඩ් එකට හේත්තු කරපු ගනිදු අසලියව පරිස්සමෙන් එතන්ට හේත්තු කරා.

"ඇඟ රස්නෙයි බං තාම.."

"ඔයා මොකද මෙහෙ.."

ගනිදු කිව්ව එක ඇහුන්නෑ වගේ අසලිය අහද්දි ගනිදු කොලෝන් බොට්ල් එකක් අරන් අසලියගෙ ඔලුවට දාලා මසාජ් කරන්න ගත්තා.

Not Out 🏏♥️Where stories live. Discover now