🏏එකොළොස්වන පන්දුව

1.1K 124 57
                                    

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


"හොඳ වෙලාවට තමා ඕකට කොලිෆයර් උනේ..නැත්තන් අර යක්කුන්ගෙ අඳෝනාව අහන්න එපැයි.."

"උන්ට අඳෝනා තියන්න බැරි වෙන්නම වැඩේ කරලනෙ ආවේ..කටවහන් හිටපන් ඒ නිසා.."

අකේශ් මිහිරාන්ට රවලා කියද්දි අසලිය ආපස්සට අකේශ්ට රැව්වා. අසලිය ඩ්‍රෙසින් රූම් එකේ දීපු ලෙක්චර් එක තාමත් සෝෂල් මීඩියා කළඹමින් යන නිසා අකේශ් ටිකක් ඉන්නෙ මළ පැනලා. අනිත් එක වීඩියෝ කරේ මිහිරාන් කියලා දන්නෙත් ටීම් එකේ ටික දෙනයි..ඒ අස්සෙ ඕකත් අනිත් උන් දැනගත්තෙ අසලියගෙ පවර්ස් වලට අසලියට තරග තහනමක් නාවට මිහිරාන්ටත් එහෙමම වෙයි කියලා හිතන්න බෑනෙ..

"උඹලනන් එසේ මෙසේ කරදරයක් නෙවෙයි දෙන්නෙ.."

ක්‍රිකට් කණ්ඩායම නිසා අතිශය දරුණු සිදුවීම් වලට මුහුණ දීපු තීර්ථ නළලත් පිරිමැදලා කියද්දි මෙච්චර වෙලා අකේශ්ට එයයි මිහිරානුයි කරපු වැඩේ කොච්චර හරිද කියන එක පැහැදිලි කර කර ඉඳපු අසලිය ගිහින් තීර්ථ ළඟින් වාඩිවෙලා ඔලුව අතගාන්න ගත්තා.

"උඹ සේරම කරල දැන් ඔලුව අතගාපන්.."

අසලියට පාරක් ගහලා තීර්ථ කියද්දි අසලිය හිනාඋනා. ඔය හිනාවට තමා ඉතින් තීර්ථ අහුඋනේ..

"දැන් මුගේ එන්ගේජ්මන්ට් එකට ඩ්‍රෙසස් ප්ලැක් කරාද උඹලා.."

එන්ගේජ්මන්ට් එක මතක් වෙලා ගනිදුගෙ මූණ පුර පෝදා හඳ වගේ එළිය වෙද්දි තීර්ථටත් කට කොනින් හිනාවක් ගියා. තමන්ගෙ මිනිහගෙයි අකේශ්ගෙ වෙන්න මිනිහගෙයි මේ නාඩගම දැන් දවස් ගාණක් තිස්සෙ බලන් ඉඳලා එපා උනු නිසා අසලියයි අකේශුයි හිතට ආපු කේන්තිය බොහොම අමාරුවෙන් යටපත් කරගත්තා. ඇයි යකෝ මුන්ට කරන දෙයක් කියලා කරන්න බැයිද..

Not Out 🏏♥️Where stories live. Discover now