Azalea 🥺❤️
"අවා උඹ මොන රෙද්දක් කරත් මට කමන්නෑ..පොඩි එකාට ප්රශ්නයක් වෙන්න බෑ.."
අකේශ් සියදහස් වෙනි වතාවටත් එකම මැසේජ් එක එවලා තියෙද්දි තීර්ථ ඉස්සෙල්ලා යවපු රිප්ලයි එකම ඒකාට යවලා කන්ෆරන්ස් රූම් එකට ගියා. මේ වෙද්දි අසලියගෙ & තීර්ථගෙ ෆොටෝස් සෝෂල් මීඩියා වල ශෙයා' වෙද්දි අසලියගෙයි තීර්ථගෙයි වෙඩින් එකේ ෆොටෝස් වගේකුත් ශෙයා' වෙන්න ගත්තා. ඒත් ඒක වෙඩින් එකක් කියලා පේන්න නෙවෙයි ඒ ෆොටෝස් දාලා තිබුනෙ. නිකන් ෆන්ක්ෂන් එකක් වගේ. ඒත් එතනිනුත් අසලියගෙයි තීර්ථගෙයි රිලේශන්ශිප් එක ගොඩක් ක්ලෝස් කරල පෙන්නද්දි අසලියව කන්ට්රෝල් කරගන්න තීර්ථට වෙනම ගේමක් දෙන්න වුණා.
ලංකාවේ සමලිංගික සබඳතා අනුමත කරල නැතත් ඇමතිකමෙන් අයින් වෙලා මැරේජ් එක අනවුන්ස් කරන එක තීර්ථට ප්රශ්නයක් නොවුනත් එයාට ඒ ස්ටේටස් එක තියාගෙන කරන්න තව වැඩ ගොඩක් තිබුනා. අනිත් පැත්තෙන් අසලියගෙ කැප්ටන්සි එක අඩුම තව මාස තුනක්වත් තියාගන්න ඕන. ඒක නිසාම තීර්ථ ඒ ඔක්කොම අවුල් නොයන විදියට මීඩියා කන්ෆරන්ස් එකක් රෙඩි කරේ ප්රශ්න ටිකක් විසඳන්න. අසලියගෙ බල කිරීමට එයා අද මැරේජ් එක අනවුන්ස් නොකරත් තව උපරිම මාස හතරකින් අනිවාර්යයෙන්ම ඒක ෆේමස් කරනවා කියලා තීර්ථ මේ වෙද්දි තීරණය කරල ඉවරයි.
YOU ARE READING
Not Out 🏏♥️
Nonfiksiපපුවකට තියා හිස හැකියි නම් නිවෙන්න විසිර ගිය සුසුම්වල බිඳක් ගෙන තියන්න එවිට මට හැකියි නුඹෙ නළල් තල සිඹින්න ආදරය මොනතරම් ගැඹුරුදැයි කියන්න 🏏💖 Start: 2024/03/09 End: