මෙහෙම කොපි කරන එකනන් වැරදී නේත හැබැයි 🌝❤️🤣
(Photo Credit goes to the original owner)
අසලිය දැන් පැයක විතර ඉඳන් තීර්ථට කෝල් ගත්තත් තීර්ථ තවමත් එක කෝල් එකක්වත් ආන්සර් කරේ නෑ."ශිට්..මේ මිනිහා ෆෝන් එක මොන මගුලෙ දාලද දන්නෑ..අවී..ශෙවෝන් අයියට කෝල් එකක් ගන්න.."
තීර්ථට ට්‍රයි කරල වැඩක් නැති තැන අසලිය අවීශ්ට කියද්දි අවීශ් ඉක්මනින්ම දිල්හාරට කෝල් එකක් ගත්තෙ දෙපාරක් රින්ග් වෙද්දි දිල්හාර ආන්සර් කරද්දි
"අයියා තමුසෙ මොන ලෝකෙද ඉන්නෙ.."
"ඇයි.."
"මේ බාප්පි ඇවිත්..තමුසෙ දැන් දෙක වෙද්දි එනවා කිව්වා නේද.."
"ඕ..මං එහෙම කිව්වද..එහෙනන් සොරි..මොකද මට අද කොහොමටවත් එන්න විදියක් නෑ.."
අසලියට තවත් එක වචනයක්වත් කියන්න ඉඩ නොතියා දිල්හාර කෝල් එක කට් කරද්දි අසලිය එයාට ඉස්සරහින් වාඩිවෙලා ඉන්න මැදි වයසෙ පුද්ගලයා දිහාට සමාව අයදින බැල්මක් හෙලුවා.
"සොරි බාප්පි..අයියට හදිසි වැඩක් වැටිලා..I'm extremely sorry.."
"ඒකට කමන්නෑ සුදූ..තීර්ථ පුතත් මේ දවස්වල බිසීද.."
YOU ARE READING
Not Out 🏏♥️
Non-Fictionපපුවකට තියා හිස හැකියි නම් නිවෙන්න විසිර ගිය සුසුම්වල බිඳක් ගෙන තියන්න එවිට මට හැකියි නුඹෙ නළල් තල සිඹින්න ආදරය මොනතරම් ගැඹුරුදැයි කියන්න 🏏💖 Start: 2024/03/09 End: