වේලාව රෑ 8ට විතර ඇති. හැමදාම සෙට් වෙන පොට් එක නැතුව මේ පාර අපි Location එක පොඩ්ඩක් චෙන්ජ් කරා මෙතන පොඩි Grand look එකක් තියෙනවා...Entrance එකේ Gate එකෙන් Bike එක ඇතුලට වේගෙන් දාපු පාරට Control නැති වුණේ එහා පැත්තෙන් ආපු Car එකත් මාත් එක්කම වගේ Entrance එකෙන් ඇතුලට දාන්න හදද්දී.. Bike එකෙන් "කරාස්" ගාලා ගහපු Break පාරේ සැරට පිටිපස්සේ රෝදේ wheel උනා... වැඩ දන්න නිසා බේරුණේ හැබැයි...
'මොකාද මේ ගස් ගෙවලයා ඉවසීම කියලා එකක් ගෑවිලාවත් නැද්ද මූට කියලා' මන් ඇතුලේ හිටපු එකාට ගහන්න හිතාගෙන Bike එක ඇතුලට අරන් key එක සාක්කුවට දාගෙන බිමට බැස්සා. කාර් එකේ shutter එක Tinted නිසා ඇතුලේ හිටපු එකා පේන් නැති වෙද්දී මං ලඟටම ගිහින් shutter එකට ගැහුවේ මට එකසිය ගණන් වලට නැගලා ඉද්දී...
ඇතුලේ හිටපු එකා Shutter එක හෙමීට පාත් කරා.. ටහිකේ..
" තමුන්..."
Balck shaeds 2ක් දාගෙන ඇතුලේ හිටපු එකාව දැකලා මට කෙල ගිලගන්ඩත් අමතක උනා.. පොර ශේප් එකේ Shades දෙක පාත් කරන ගමන් ඇස් කොනින් මන් දිහා බැලුවා..එකසිය ගණන් වලට නැගලා හිටපු මාව ඒ ඇස් වල එක බැල්මෙන් මොකක්ද වුණා වගේම ගැම්මෙන් ආපු එකේ බොරුවට හරි තරහ අරන් බැනපන් මෙතන චාටර් වෙන් නැතුව කියලා මගේ යටි හිත කියන්න ගත්තා...
"ඇයි මොකක්ද වෙන්න ඕනේ ?"
"තමුසේ දැක්කේ නැද්ද මෙතන
වෙන්න ගිය දේ""දැක්කා... තමුසේගේ නොසැලකිලිමත්කම. මොන සිහියෙන් ද පාරේ යන්නේ "
මුගේ අම්මට යකෝ මේක මාර මඟුලක් උනානේ...මූ ඒ පාර ඒකත් මගේ පිටින් යාවන්ඩද කොහෙද හදන්නේ...
"රෙද්ද උබ මගේ යකා අවුස්සන්න ඔය හදන්නේ.."
" ඇයි දැන් මං බය වෙන්න ඕනෙද උබේ යකාට"
"උබ කාගේ කවුද කියන්න මං දන් නෑ. හැබැයි උබ මොන කෙරුමෙක් උනත් ඒක මට අදාලම නෑ.."
"මං කවුද කියන එක කොහොමත් උබට අදාල දෙයක් නෙවෙයි තමයි.."
සිරාවටම මට ඕනෙ උනේ එහෙම කියලා හරි උගේ කටින් ඌ ගැන එක වචනයක් එළියට ගන්න මොකද මට සෑහෙන ලොකු සැකයක් තියෙනවා මූ ගැන.. මීට කලින් මෙහෙම ඩයල් එකක් මන් මේ Area එකේ දැකලා නෑ... දැක්ක ගමන් පේනවා මේ පෙන්නන් ඉන්න මුනට වඩා දෙයක් තියෙනවා කියලා..
YOU ARE READING
UNDERRATED [ On Hold ]
Mystery / Thrillerආදරය, වෛරය, පළිගැනීම සමග මුසු වූ වේදානත්මක හදවත් කිසි දිනෙක සනසාලිය නොහැකි බව දැන උන් ආත්ම 2ක් එකිනෙක අහම්බෙන් මුණ ගැසුණු හමුවීමක් ඔවුන්ගේ ඉරණම ම වෙනස් කරාවි ද ?