Ep 15

79 7 0
                                    


අද අපි දෙන්නගේ විවාහය සිද්ධ වුණා.. ඒකත් හරිම නොසිතූ විදහට කිසිම දෙයක් plan නොකර එකපාරටම...

බයික් එකේ නැගලා අපි දෙන්නම ගෙදර ආවත් ආව වෙලේ ඉඳන් මට එයාට මූණ දෙන්න බෑ වගේ දැනුනා.. ගෙදර ඇවිත් ගොඩක් වෙලා යනකන් අපි දෙන්නට දෙන්නා මුණ දිහා බැලුවත් නෑ කතා කරේත් නෑ...

දිගටම මේ විදියට ඉන්න බැරි නිසා මං කොහොමහරි වචන ගොතගහන් අපි දෙන්නා අතර තිබුණු දැඩි නිහඩියාව බින්දා.

"ගොඩක් දවසකින් හරියට කෑමක් නැති එකේ මොනවහරි හදලා දෙන්ඩ ද "

හරියට වචන ගැලපුනේත් නෑ ඒ මදිවට කියද්දී ගොත ගැහෙනවා.. මේ මොන මගුලක්ද...

"ම්ම් සුප් හදන්න දන්නවද?"

කෙලියා නේද තාප්පෙටම... දැන් හරිනේ අමාරුව...අනේ ඕයි බං අයියේ මන් සුප් හදන්න දන් නැනෙ...

මන් කට පොඩ්ඩක් ඇද කරලා දත් ටික එළියට දාලා අහිංසක හිනාවක් දැම්මා...

"නැත්තං කමක් නෑ මන්___"

"විනාඩි 5ක් දෙන්න..."

" ආහ් ?? ඇයි හදන්න දන්නවද ?"

"නෑ., විනාඩි 5න් ක්ෂනික ගෙනත් දෙන්නම්..."

මං දිහා කටත් ඇද කරන් බලපු එයා ඔලුව වැනුවා.

මං ක්ෂණික බයික් ඒකේ නැගලා ආවේ මේ වෙලාවට සිරාවටම කොහෙන්වත් මට සුප් හොයාගන්න බැරි බව දැනගන... ඒත් මොන ලෝකෙන් හරි අද සුප් එකක් හොයාග්න ඕනේ..

මගේ වේලාවද කොහෙද රෙස්ටුර්ටන් එකක සුප් තිබුණා.. මන් ඒක අරන් හැරෙන තැපැලෙන් ගෙදර අවා නෙවෙයි විද්දා..

"විනාඩි 10ක් ගියා.."

සෝෆා එකේ කේ රිමෝට් එක අතේ තියං Tv එක දිහා බලාගෙම එයා කිව්වා..

මූ මාර ඩයල් එකක්නේ.. ඇයි අප්පා මෙච්චර තකහනියක් ගෙනත් දෙද්දීවත් තැන්ක්ස් කරනවා වෙනුවට මූ ගිය විනාඩි ගාන ගැනලනේ...

"හරි හරි කොහොමහරි ගෙනාවානේ.."

"සුප්? "

"ඕහ්...."

UNDERRATED [ On Hold ]Where stories live. Discover now