Ep 11

65 5 0
                                    

මං ඇස් අරිද්දී මට ලාවට සුදු වටපිටාවක් පෙනුනා.. මං හිටියේ Hospital Bed එක උඩ...

ගිහාන් මාව බලන්න ඇවිත් හිටියා..ඒ වගේම අපේ උන් සේරම. ඒත් කෝ දුලේන් ?

මට වගේම එයාටත් Damage වුණානේ... එයා ඒවට බෙහෙත් දාගත්තාද දන් නෑ.

මං කලබලෙන් ඇදෙන් නැගිටින්න හදද්දී නර්ස් මට දාගලන්න එපා ඔහොම ඉන්න කියලා සැර කරා...

" ඔහොම ඉන්න ළමයෝ... මොකද ඔය කරන්නේ ඔයාගේ තුවාලේ ආයේ පෑරෙයි..."

අනේ මේ පොඩි තුවාලයක් නිසා හෙළවෙන්නේවත් නැතුව ඉන්න මං ගෑණු ළමයෙක් නෙවෙයි මගුල....

nurse ගිය ගමන් ගිහානුයි අපේ උන්ටයි හොරෙන් ටක් ගලා ඇදෙන් පැනපු මං අතේ ගහපූ කැනියුලයි දාලා තිබුණු බටයි සේරමත් අතින් ක්ෂණික ඇදලා දාද්දී මගේ අතින් ලේ ගැලුවා..ඒ කිසි දෙයක් ගණන් නොගෙන මං කෙලින්ම දොරෙන් එළියට ගිහින් හැමතැනම එයාව හෙව්වේ නිකන් පිස්සෙක් වගේ...

බැරි වෙලාවත් ඇනපු පිහි පාරක් නිසා හරි එයාට අමාරු වෙලාද...මගේ හිතට වේදනාවක් ආවා...

ඒත් එක්කම මන් දැක්කා පොලිසියෙන් එක්ක එයා මගේ පැත්තට එනවා...

මං මේ දේවල් කලින්ම බලාපොරොත්තු උනා දුලේන්...

මං හරිම සැනසුම් සුසුමක් හෙළුවා...

"දුලේන් hurry up මෙයාව arrest කරන්න "

තරු ගොඩක් යුනිෆෝම් එකේ ගහන් හිටපු මැදි වියේ වගේ Inspector කෙනෙක් මං දීහා බලන් කිව්වා...

"ඒත්... එයා තාම අසනීපෙන් ඉන්නේ සර්.. අනික මේ Case එකේ main suspect සිරිමෙවන් ඇමතිතුමා.. එයා තාම නිදැල්__"

"මාව Arrest කරන්න..."

දුලේන් මාව defense කරද්දී මන් මගේ අත් දෙක ඉස්සරහට දික් කරලා arrest කරන්න කිව්වේ මගේ අත් දිහා එයා පුදුමෙන් තත්පර ගානක් බලන් ඉද්දී..

එයා මගේ අත් වලට මාංචු දැම්මා..
මං පොලිස් ජිප් එකෙන් පොලිස් Station එකට ආවා... එයා මං දිහා හරිම හිස් ඒත් තියුණු බැල්මකින් බලාගන හිටියා...

මාව හිර කූඩුවේ දාලා දවස් 3කින් මට ඇප හම්බුනා..

මට පොඩ්ඩක්වත් දුක නෑ දුලේන් උබ මගේ අත් වලට මාංචු දාපු එකට... කොහොමත් මං හොඳ මනුස්සයෙක් නෙවෙයි මං පාතාල කල්ලි නායකයෙක්, මිනී මරුවෙක් මේ නීතිය ඉදිරියේ මං වැරදිකාරයෙක්...

UNDERRATED [ On Hold ]Where stories live. Discover now