උදේ නැගිටිකොට මගේ ඔලුව පැලෙන්න වගේ රිදෙන්න ගත්තා... මං ඇස් අරිද්දී එයා ඇදේ හිටපු නැති නිසා මට හිතුණා එයා උදේම කොහේහරි යන්න ඇති කියලා ඒක නිසා මං පල්ලෙහට ගිහින් තේ එකක් හදාගන්න කේටල් එක තියලා පැන්ට්රියට හේත්තු උනේ මගේ නළල අත් දෙකෙන්ම මිරිකන ගමන්....අම්මෝ පට්ට රිදිල්ලක්නේ රිදෙන්නෙ...
පැනඩෝල් එකක්වත් නැද්ද දන් නැ. මං පොඩ්ඩක් වට පිටේ පැනඩෝල් එකක් තියෙනවද කියලා ඇහැ කරකලා බලද්දී මට උඩින් එදා වගේ කාටහරි ගහන සද්දයෙක් ඇහුනා.. එතකොට තමයි මට තේරුනේ එයා තාමත් ඉන්නේ ගෙදර කියලා..
Ring... Ring...
"අරවින්ද්.....? "
එහා පැත්තෙන් කතා කරේ අරවින්ද් වෙද්දී මං පුදුම වුණා..
"බොස්.... බොස් නැතුව අපිට මේ කිසි දෙයක් තනියම කරගන්න බෑ බොස්.... අපේ අතින් සිද්ධ වුණ හැමදේකටම සමාවෙලා බොස්ට බැරිද අඩු තරමේ ඔහේ ඉඳන් හරි අපිට උදව් කරන්න..?"
"හහ්..ඇයි උබලාගේ අලුත් බොස් ඔක්කොම හාලද ගියේ ?"
"ඔව් බොස්... ගිහාන් සර් යටතේ අපි කවුරුත් වැඩ කරන්න කැමති උනේ නෑ ඒ නිසා ගිහාන් සර් පිටින් මිනිස්සු දම්මලා තමයි මේක ඇදගෙන යන්න හැදුවේ.. ඒත් ගිහාන් සර්ට බොස් ලඟට අඩුම තරමේ හැරෙන්නවත් බැරි වුණා.. ඒ නිසා තමයි____"
ඒ වචන වලට මගේ කට කොනක් උඩට ඉස්සුනා.
"ගිහාන්.....!? ඌ වල් පරයා... මගේ ළග ඉඳන් මටම කෙලෙව්වා..."
මං මීට මොලවලා ප්රැන්ට්රියිට හයියෙන් පාරක් ගැහුවා..
"උබට දැන් මගෙන් මොකක්ද වෙන්න ඕන..? හැබැයි මේ අන්තිම පාර... අන්තිමපාරට මන් උබට උදව් කරන්නේ අන්න ඒක හොදට මතක තියාගනින්...."
"ඕකේ බොස් ඉතරු ටික අපි කොහොමහරි ඇදගන යන්නම් ආයේ බොස්ට කවදාවත් කරදර කරන් නෑ කියලා පොරොන්දු වෙනවා.. ඒ වගේම බොස්ට ඕනම වෙලාවක අපිට කතා කරන්න.. අපි හැමදාම බොස් වෙනුවෙන් ඉන්නවා.."
"හ්ම්...හරි හරි දැන් උඹේ බණ නවත්තලා වෙන්න ඕනේ දේ කෙලින් කියපන්..."
"බොස් අපිට බඩු ටික පාස් කරගන්න ඕන. අපේ කොල්ලන්ට ඒක තනියම කරන්න බෑ උඩින් අපිට සප් එකක් ඕන.."
YOU ARE READING
UNDERRATED [ On Hold ]
Mystery / Thrillerආදරය, වෛරය, පළිගැනීම සමග මුසු වූ වේදානත්මක හදවත් කිසි දිනෙක සනසාලිය නොහැකි බව දැන උන් ආත්ම 2ක් එකිනෙක අහම්බෙන් මුණ ගැසුණු හමුවීමක් ඔවුන්ගේ ඉරණම ම වෙනස් කරාවි ද ?