පහුවදා උදේම නැගිටිද්දී එයා ගෙදර හිටියේ නෑ.... අද කාලි මෑණියන්ගේ පූජාව තියෙනවා මං ඒ නිසා බයික් ඒකේ කෝවිලට ගියේ පූජාවට....
බලාපොරොත්තු නොවුන විදිහට අතරමග එයාගේ වාහනේ තියෙනවා දැකපු මට හිතේ අමුතු සතුටක් ඇති උනේ එයත් කෝවිලේ ඇති කියල හිතිලා....
කෝවිල ඇතුලට සෙරෙප්පු ගලවලා ඇතුලු උනේ නමස්කාර කරන ගමන්...
කාලි මෑණියෝ... මං මගේ ජිවිතේ සෑහෙන ගරු කරන කාන්තාවක් ඇය යක්ෂණියක් විදිහට සමහරු සැලකුවත් මගේ ජිවිතේ ඇයට තිබුනේ ඉහළම තැනක්.. ඉතිං මං කවදාවත් මේ පූජාව මිස් කරගන් නෑ.....
තිශූලය දෑත දරාන් ඉන්න ලේ පෙරාගෙන ඇදුරු පැහැ වුණු ඒ මූණ මගේ හිතට ගෙනාවේ සැනසිමක්....
ඇයත් කාන්තාවක් ඔහු වෙනුවෙන් ලේ වගුරන්න දෙපාරක් නොතිතන....
ශිව - කාලි ඒ නම් දෙක සදාකල් එකට වැජබේවී..ශිව දෙවියන්ට කරදරයක් වුණු විගස වගේම ජීවිතයේ අමාරුම තැන් වලදිත් කාලි ශිව වෙනුවෙන් ලේ හෙලෙව්වා....
මටත් උබ වෙනුවෙන් ඕන ම දෙයක් කරන්න පුළුවන් දුලේන්.... උබට පොඩි හරි සීරීමක් කරන්න එන කවුරු උනත් මන් උන්ගේ ලේ හොලවන්න දෙපාරක් හිතන් නෑ... අපි දෙන්නගෙම කතාව ටිකක් එක වගේ කාලි මෑණියෝ...
අයිති නැති තැන් වලටම ඇයි අපි නොසෑහෙන්න බැදෙන්නේ....?
කාලි මෑණියන්ගේ පිළිරුව දිහා මං ගොඩාක් වෙලා බලන් හිටියා....ඒ ඇස් මගේ ඇස් වල ගැටුණේ මගේ දිහා මෙච්චර වෙලා එයා බලන් ඉන්නවා දැකලා...
ඔය ඇස් මගෙන් දැන්ම අහකට ගනිම්... නැත්තං ඊළග තත්පරේම උබේ ඔය ඇස් හැමදාම මගේ සන්තකේම තියාගන්න මං තව පාරක් ඉවසන එකක් නෑ දුලේන්..
හිතින් එහෙම හිතාගෙන මං එයා දිහාම බලං හිටියත් එයත් මගේ ඇස් වලින් ඇස් ඉවතට ගත්තේ නෑ....
YOU ARE READING
UNDERRATED [ On Hold ]
Mystery / Thrillerආදරය, වෛරය, පළිගැනීම සමග මුසු වූ වේදානත්මක හදවත් කිසි දිනෙක සනසාලිය නොහැකි බව දැන උන් ආත්ම 2ක් එකිනෙක අහම්බෙන් මුණ ගැසුණු හමුවීමක් ඔවුන්ගේ ඉරණම ම වෙනස් කරාවි ද ?