Ep 30

66 6 0
                                    

*

*

*

මං හිටියේ අපේ පොට් ඒකේ උදේම මන් අහැරෙන්නත් කලින් දුලේන් office ගිහින් තිබුණු නිසා මං කෙලින්ම මෙහෙට ආවා...

"බොස්..."

මං හිටියේ එක කකුලක් පුටු ඇන්ද උඩින් දාලා අනික් කකුල බිම තියාගෙන. ටූත් පික් එකක් කටේ ගහන් හිටපු මං හෙමින් ඔලුව උස්සලා බැලුවා...

"ඇයි..."

"බොස් මේ මාර සීන් එක.... අපේ බෝඩරේ කූඩු බිස්නස් කරන්න පටන් අරන්..."

මං කටේ ගහන් හිටපු ටූත් පීක් එක බිම දාලා පුටුව පස්සට කරන් නැගිට්ටා...

"මොන පරයටද යකෝ මේ මාරන්ගේ ඒරීයා එකේ කූඩු බිස්නස් කරන්න තරම් හයියක් තිබ්බ එකා..ආහ්... උත්තර දීපං.."

"බො..බොස්... මැද.. මැද මුලනේ විෂ්ණු.."

ඌ වෙව්ලන ගමන් උත්තර දෙද්දී මං ඇස් දෙක වහන් බර හුස්මක් ඉහළ අරන් ඇස් ඇරියා...

"ග්ර්ර්.. විශ්ණු...! උට එච්චර හයියක්... මේ මාරන්ගේ ඒරීයා එකේ ආයේ කුඩු බෙදන්න... ආයේ මෙහෙ කුඩු බිස්නස් සිද්ධ වෙන්න බෑ කොටින්ම කිසි තැනකින් මෙහෙට කුඩු ගේන්න බෑ.. උබලට ඇහුණානේ හරී..."

මං අතේ දාගන හිටපු බ්‍රේස්ලට් එක අත වටේ කරකවන්න ගත්තා..

"මගේ මූණිස්සම ඔය විෂ්ණු කියන පරයගේ ඔලු කට්ට පසා..රු කරන් යන දවස වැඩි ඈතක නෙවෙයි... ඌ දඟලනවා නම් බොහොම වැඩියි.. හරි බලමු අපි.. ඉස්සල්ලා පත්තු වෙන්නේ මගේ පිෂ්ටල් එකද නැත්තං උඹේ රිපීටරේද කියලා..."

මං නපුරු බැල්මකින් කට කොනින් හිනාවුණා...

මං දුලේන්ට පොරොඳුවක් වුණා මගේ යටතේ තිබුණු කුඩු ගංජා සේරම බිස්නස් මං සම්පූර්නෙන් නවත්තලා දැම්මා මීට මාස ගානකට උඩදි.. ඒත් මට උබට පොරොන්දු වෙන්නේ බෑ මේ හැමදේකි්න්ම ඈත් වෙලා ඉන්නවා කියලා මොකද මේකේ ඉන්න උන් සේරම දැනටත් මාව මරන්න බලන් ඉන්නේ... මේකේ අවසානය දකින්න ඕන නම් මේ සෙල්ලමේ උඩටම යන්න ඕන.. එතකොට විතරයි නිදහසේ හුස්මක් කටක් අරන් ජීවත් වෙන්න පුළුවන්... නැත්තං අපි කාගේවත් ජිව්ත කොයි වෙලේ යයිද දන් නෑ...

UNDERRATED [ On Hold ]Where stories live. Discover now