ටිකට් කපාපු නිසා මං අමාරුවෙන් ගෙදර එන්න එයාගේ කාර් ඒකට නගින්න හැදුවත් පිහි පාරවල් කැපුම් පාරවල් නිසා මගේ ඇග වේදනා දෙන්න ගත්තා... අමාරුවෙන් ඇවිදන් ආව මාව එකපාර උස්සලා ෂිට් එකෙන් තිබ්බේ මං ඇස් ලොකූ කරන් එයා දිහා බලන් ඉද්දී...
උබ මගෙන් ඈත් වෙලා ඉඳපන් දුලෙන්.... මට බෑ ආයේ උබට රිද්දන්න.... කාර් එකේ ටික දුරක් යනකන් මං මුකුත්ම නොකියා Shutter එකෙන් එළිය බලාගෙන ගියා...
"ඔහොම අහක බලාගෙන ඉදලා උඹේ බෙල්ල උලුක් වෙයි"
"මොකද උබ කතා නැත්තේ..."
එයා කියන කිසි දෙයක් ඇහුන් නෑ වගේ මන් අහක බලගනම හිටියා.."උබට මොකද වෙලා තියෙන්නේ...."
"මුකුත් නෑ..."
මං එයා දිහා රවල බලලා අහක බලාගතතා..."මොක්ක්ද යකෝ තොට වෙලා තියෙන්නේ... මොකක්ද මේකෙ තේරුම..."
" මොකේ ද"
"එකපාරට Suicide කරගන්න හදනවා ඊටපස්සේ ඔහේ බලා ගත්තු අත බලාගෙන ඉන්නවා... උබට මොකක්හරි ප්රශ්නයක්ද... කියන්න පුළවන් දෙයක් නම් කියනවා..."
මං කොහොමද උබට කියන්නේ Dulen...උඹේ අම්මයි තාත්තා මරපු ඒ මිනී මරුවා මං කියලා... මං කොහොමද කියන්නේ උඹේ ජිවිතේම කාලකන්නි කරපු ඒ කාලකණ්ණියා මං කියලා... ඇත්ත දැනගත්තේ දවසට උබ මට වෛර කරයි... ඒ නිසා මගෙන් ඈත් වෙලා හිටපං... මට සමාවෙයන්....
මං උබ දිහා දුරින් බලන් ඉඳන් උබව මගේ අන්තිම ලේ බිංදුව වෙනකං රැක ගන්නම්.... ඒක මගේ පොරොන්දුවක්....
මං උබට පොරොන්දු වෙනවා ලේ විලක් වගුරලා හරි උබව මං පරිස්සමට බලාගන්නවා කියලා...මන් ජීවත් වෙන අන්තිම තත්පරෙත් මං උබ වෙනුවෙන් ඉන්නම් ඒත්, උබ මගෙන් ඈත් වෙන්න ඕනෙ අනිවරෙන්ම.....
එයාට උත්තර නොදී මන් ආයේ ඉස්සරහ බලාගත්තා....
එයාට ගොඩක් තරහ ගිහිං තිබුණා කියලා එයා Drive කරන් ආව විදිහට මට තේරුණා..."බැහැපන්..."
ගෙදර ගාවින් කාර් එක නවත්තලා බැස්ස මං ගේ දොර ඇරලා ඇතුලට ගිය ගමන් එයා මගෙ අතින් ඇදලා අරන් බිත්තියට පැත්තට තල්ලු කරේ මාව බිත්ටියටයි එයාගේ ඇගටයි හිර කර ගන්න ගමන්...
YOU ARE READING
UNDERRATED [ On Hold ]
Mystery / Thrillerආදරය, වෛරය, පළිගැනීම සමග මුසු වූ වේදානත්මක හදවත් කිසි දිනෙක සනසාලිය නොහැකි බව දැන උන් ආත්ම 2ක් එකිනෙක අහම්බෙන් මුණ ගැසුණු හමුවීමක් ඔවුන්ගේ ඉරණම ම වෙනස් කරාවි ද ?