Ep 13

73 5 0
                                    

"Report all contestants to the starting point for the start of the competition..."

රේස් එක පටන් ගන්නයි යන්නේ, ඔක්කොම Racersලා Staring point එකට ඇවිත් හිටියා...

"රශ්.... උබට හොඳටම සුවර්ද මේක කරන්න ඕනෙ කියලා ? "

ගිහාන් මගේ කරට අත තියන් ඇහුවා.

"ඔව්... "

"හැබැයි පරිස්සමින් උබ මේ ගන්නේ සෑහෙන Risk එකක්...."

" එහෙනම් Good luck කොල්ලො Do your best ! "

එහෙම කියපු ගිහාන් මට Fist bump එකක් දුන්නා.. ( 🤜🤛 )

මං මගේ gloves දෙකත් දාගන හෙල්මට් එක අතට අරන් Staring point එකට ගියා...

වෙනදාට වඩා මගේ හිතේ අද ලොකු තිගැස්මක් තිබුණා මේ රේස් එක මට Win කරන්න පුළුවන් වෙයිද කියන එකාගැන...

3...2....1 Go !!

green light එක පත්තු වෙනවත් එක්කම බයික් එක රේස් කරපු මං ටික දුරක් යනකම් පස්සෙන් හිටියත් සුපුරුදු පරිදි Speed කරලා වංගු ගද්දී නිකන්ම මගේ Lead එක හදාගත්තා...

Gang එකෙන් මිදිලා ටික දුරක් බයික් එක Lead කරන් යද්දී එකපාරට මගේ කොන්ද ගාවින් ආපු වේදනාවක් එක්කම මගේ අතින් බයික් එක Control නැති වුණේ වටේ පිටේ හූ හඩ ගෝෂා වලින් කන් පිරෙද්දි...

මට දැනුනා ඒ Speed එකත් එක්ක මාව පෙරලුනොත් මාව ඉතුරු වෙන එකක් නෑ කියලා..
මං කොහොමරි මගේ වේදනාව දරාගන බයික් එක Slow කරගද්දි පිටිපස්සේ හිටපු උන් ක්ෂණික මගේ ලගින් රේස් කරගන ගියා..

මං මගේ කොන්ද අතින් තද කරගත්තා.. බයික් එක අයිනට කරගත්තා.. කියාගන්න බැරි වේදනාවක් එක්ක මට කදුළුත් එද්දී Doctor ඇදටම වෙලා ටික දවසක් Rest කරන්න කිව්වා කියලා මතක් වුනා..

මං පුළුවන් උපරීමෙන් කොන්ද අතින් තද කරන් ආයෙත් බයික් ඒක රේස් කරා.. මන් දැනටමත් ගොඩක් පරක්කුයි ඒක Win කරන්න පුළුවන් මට්ටමක නෙවෙයි මං හිටියේ අරුන් සැහෙන දුර ගිහින්..

මන් එහෙමම ටික ටික Speed එක වැඩි කරා. ආපහු අරුන් පේන මට්ටමට ආවා.

වංගු ගාවිං ඇල කරලා දනිස්ස ගාවද්දි මගේ වේදනාව එක්ක මට Control නැතුව වැටෙන්නම ගියා. ඒත් මං කොහොමහරි වැටෙන් නැතුව Balance කරගත්තා. හරිම Risky විදිහට වංගු ගත්තේ..

UNDERRATED [ On Hold ]Where stories live. Discover now