හා..ව්ව්..හ්..
මං ඇහේ හිරි අරින ගමන් ඇදැන් බැස්සෙ දිහම දිග ඈනුමක් ඇරලා..
කෝ දැන් මෙයා... වෙනදා වගේම උදේම ඇහැරලා ප්‍රැක්ටිස් කරනවා ඇති..
මං මූණත් ටිකක් හෝදලා දත් මදින්න බ්‍රශ් එක හොයද්දි ඒක පෙන්න තිබුනේ නෑ... මේ මගුල කොහේ අන්තරස්දාන වෙලාද...
හිත හිතා ඉන්නැතුව මන් එයාගේ බ්‍රශ් එක කටේ ගහගත්ත ඇසුත් තාම අඩවන් කරන්... නිදීමතයි අප්පා.. අර යකා මෙච්චර උදේ ඇහැරලා යුද්දෙට යන්න ලෑස්ති වෙනවාද මන්දා.. ඇයි සාන්ත ඒ ඇහේ එච්චිර හදන්න දේකුත් නෑ එච්චර නෙවෙයි ආයේ කොහොමත් හදන්න දෙයක් නෑ.. මට තමයි තව පොඩ්ඩක් හදාගන්න තියෙන්නේ...
මන් බ්‍රශ් එකත් කට් ගහන් ඉද්දී එයාගේ ඇග මතක් වෙලා අප්පට.. මගේ දිවත් හැපුනා..
සැක්... මටත් ඒ විදිහට ඇග හදාගන්න ඕන..මාත් යනවා අද පොඩ්ඩක් ප්‍රක්ටිස් කරන්න...
මං දතුත් මැදන් කිරි ඒක්කුත් එක උගුරට ගහලා දාලා එයාගේ practicing room එකට ගියා..
සින්දුවකුත් ප්ලේ වෙන්න දාලා එයා මං එද්දිත් දාඩිය දාගන ප්‍රැක්ටිස් කරනවා.. මුගෙන් මට අහගන්න ඕන එදා අර මට උඩදි කැරකිලා ගහපු kick එක කොහොමද ගහන්නේ කියලා. එකනම් වැදුනා සැරටම.."ඒහ්....."
එයා අතකින් නළල පිහන ගමන් මං දිහා හැරිලා බැලුවා..
ම්ම්... ඒ ගැම්ම.. අතේ කළු බැන්ඩේජ් පටි දෙකත් බැදගන ආර්ම් කට් ටී එකක් ඇදන් හිටපු එයාගේ ලගින් මට ඇස් අහකට ගන්න බැරි උනා.. මේ මනුස්සයාගේ ඇගට වඩා ඒ පර්සැනැලිටි එක තමයි එයාට තිබුණු බැක් බෝන් එක... ඒ personality එක කියන ඇදුමෙන් එයා කොහොම හිටියත් එයාව ලස්සනට පේනවා..
YOU ARE READING
UNDERRATED [ On Hold ]
Mystery / Thrillerආදරය, වෛරය, පළිගැනීම සමග මුසු වූ වේදානත්මක හදවත් කිසි දිනෙක සනසාලිය නොහැකි බව දැන උන් ආත්ම 2ක් එකිනෙක අහම්බෙන් මුණ ගැසුණු හමුවීමක් ඔවුන්ගේ ඉරණම ම වෙනස් කරාවි ද ?