Ep 19

64 5 0
                                    

එයා කාර් එකේ රෙස්ටුරන් එකක් ගාවින් නැවැත්තුවා..

"මේහ්.. Dinner අරන් යමුද දැන් රෑ වෙලානේ.."

එයා මගේ පැත්ත හැරිලා අහද්දි මං අහක බලාගත්තා...

"මොකද ඕයි තරහද ඒ පාර..? "

"මගුල... ඔව් මං තරහයි උබ එක්ක කතා කරලා වැඩක් නෑ වේද්..."

"හරි හරි දැන් මොකක්ද උබට වෙන්න ඕන...? "

"මුකුත් නෑ.."

මං තරහින් පුපුර පුපුර හිටියේ මූ මට කෝලන් කරනවා කියලා මගුලක් කියපු නිසා..

"මේ අහනවකෝ බබා..."

එයා මගේ අතින් අල්ලන් හිමීට මගේ පිටිඅල්ල මාපට ඇඟිල්ලේන් පිරිමැද්දා.. ම්ම් එයා එහෙම කරනවට මං ආස උනත් මං එයාව මග ඇරලා අහක බලාගත්තා.

"මට drive කරන ඕන නිසයි මන් අත දීපං කිව්වේ..හරි ඉතිං දැන් අල්ලන් ඉන්නවකෝ ඇති වෙනකං..."

"එපා ඕන නෑ තියාගන්නවා තමුසේගේ ශ්‍රී දෑත.."

මං එයාගේ අත ගසලා දැම්මා..

"පුදුම මුරණ්ඩුකමක්නේ මේක..."

"ඔව් එහෙම තමයි. ඇයි මොකද..."

"හැමවෙලේම ගේමටමනේ එන්නේ උබත්... රණ්ඩු කරන්න ඔච්චර ආසද ආහ්...."

"ඔව් මගේ hobby එකනෙ...අනේ නිකන් පලයන් බං අයියේ යන්න..."

"උබේ කට වැඩී හරිද.... මගෙන් කන්න තමයි ඔය..."

එයා ටිකක් සැරෙන් ඒක කිව්වේ අහක බලාගෙන..

දැන් නම් මේක දුර දිග යනවා වැඩි වගේ.. මං එයාගේ මුණ දිහා ටිකක් වෙලා බලන් හිටියේ දුකෙන්.. එයාට තරහා ගිහින්ද...

" චිස් කොත්තු දෙකක් අරන් යන්..."

එයා හැරිලා මගේ දිහා බැලුවේ ඇහිබැමක් උස්සන්..

"දෙකම උ___"

"නෑ එකක් ඔයාට..."

"හ්ම්..."

"එච්චර රෑ වෙලා නෑනේ තාම 7යි...මේ මෙතන ගොඩක් ලස්සනයි අපි කෑම අරන් ඇවිත් පොඩ්ඩක් වටේ ඇවිදීමුද ? "

එයා නිකන් පුදුමෙන් වගේ මං දිහා බලන් හිටියා.. ඇයි ඉතිං එහෙම බලන්නේ මං ඇත්තටම කිව්වේ රෑ අහස වැහි වළාකුළු බර වෙලා තද නිල් වෙලා තිබුණේ. එලියෙ සීතලයි රැහැයියින්ගේ හඩයි වළාකුළු අතරින් පතරින් පෙරිලා වැටුණු ලා සඳ එළිය එක්ක මට එළියට බැහැලා ටිකක් ඇවිදින්න ආස හිතුනා.. එකේ වෙනම මොකක්ද අමුතුම vibe එකක් තිබුනේ.. මං කොහොමත් දවල්ට වඩා රැට ආසයි රෑ නිස්කලංක බවක් තියෙනවා..

UNDERRATED [ On Hold ]Where stories live. Discover now