හරිම මුස්පේන්තු පාළුවක්... සීතල හුලං රැළි මූණේ වැදිගෙන එහේ මෙහේ වේගෙන් යද්දී ලාවට තෙත් ලුණු ගතියක් මගේ තොල් වල රැඳුණා... වේගෙන් ගමන් එන හුලං රැල්ලට එහේ මෙහේ වෙන කොන්ඩේ අතින් පිටිපස්සට කරගත්තු මං හිටියේ වැල්ලේ බිම ඉඳගන දණිස් දෙක උඩින් අත් තියං ඇත මුහුදේ ගහන සැඩ රැළි දිහා බලාගන...
ටීක්...ටික්...ටික්...
වෙලාව විනාඩියෙන් විනාඩිය ගත වෙලා යනවා...මුළු පරිසරයම හරි නිෂ්චලයි... මුහුදු රැළි එකට එක හැපෙන හඩ එක්ක එන ' හෝ' ගාන හඩයි කණ ගාවින් වේගෙන් කපන් යන හුලං හඩයි ඇරුනම සෑහෙන දුරකින් එහාට වෙන්න වැල්ලේ බෝට්ටුවක් උඩ ඉරිච්ච සායම් ගිය නිල් ඩෙනිම් කොට කලිසමකට සුදු මේස් බැනියමක් පටලන් හිටපු කොල්ලෙක් විතරක් උන්නා.. ඌත් මා වගේම හිටියේ ඇත මුහුද දිහා බලාගෙන...
මූහුදු කියන්නෙම හැගීම් ගොඩක එකතුවක් කියලමයි මට හිතුණේ.. දුක හිතුණ වෙලේට නිවෙන්න සතුට හිතුණ වෙලේට බලන් ඉන්න හිතේ ප්‍රශ්න කියන්න මුහුද කියන්නේ අපි මොන සිටුවේශන් එහෙක හිටියත් අපිව සනසන්න පුළුවන් විදිහේ අමුතු මායාවක් එක්ක මේ ලෝකෙට ස්වාභාධහම මවපු හරි අරුම පුදුම තැනක්....මිනිස් හැගීම් වලින් ඉතිරුණු තෝතැන්නක්....
YOU ARE READING
UNDERRATED [ On Hold ]
Mystery / Thrillerආදරය, වෛරය, පළිගැනීම සමග මුසු වූ වේදානත්මක හදවත් කිසි දිනෙක සනසාලිය නොහැකි බව දැන උන් ආත්ම 2ක් එකිනෙක අහම්බෙන් මුණ ගැසුණු හමුවීමක් ඔවුන්ගේ ඉරණම ම වෙනස් කරාවි ද ?