මං බයික් එක හරවලා ෆුල් ෆේස් හෙල්මට් එක ගලවන ගමන් සයිඩ් මිරර් එකෙන් බලං අවුල් වුණු කොන්ඩේ අතින් හදාගත්තා...
බයික් එකෙන් බැහැලා ස්ටැන්ඩ් එකට පයින් පාරක් ගහන ගමන් මං
ආකාශයා ඉන්න දිහාට හෙමින් හෙමින් ඇවිදන් ගියා..."මොකෝ බං රශ් උබ අමාරුවෙන් ඇවිදින්නේ...? ඇහ් යකෝ මට කියන්න නම් එපා උබ අරූගෙන්.....??? "
"ආර් ෂිට්... උබ මට කියලා හුකෝගන් නැතුව උඹේ ඔය මූසල කට වහගනිං... උබ මට එන්න කිව්වේ ඔය ලබ්බවල් කියවන්ඩද ආහ්...?"
කේන්තිය ගිය මං ඇසුත් රතු කරන් ආකාෂ්ට කෑ ගහද්දි ඌ මියට පිබ්බා වගේ ටික වෙලාවක් බලන් ඉඳලා ආයේ වචන ගැළපුවා..
"ආන් ආන් බොසා රෝන් සයිඩ් යනවා.. මං උබට එන්න කිව්වේ වෙන දෙයක් කියන්න මචං..."
මං තනි ඇහිබැමක් උඩට උස්සලා ආකාශ් දිහා බැලුවා..
"මොකක්ද ? "
"උබට මතකද සුරේෂ් අයියා...?"
"සුරේෂ්...?? නෑ. කවුද ඒ..?"
"අර උඹේ පස්සෙන් ආවේ බං.. ඇයි උබ මං gay නෙවෙයි ගගා අන්තිමට බැන්නේ බං ඌට මතක නැද්ද..."
"කවුද බං... ස්කෝලෙ කාලේ සීන් එක්කද..."
"ඔව් ඔව් බල්ලෝ අර පස්සේ උබ විනූ එක්ක සෙට් වගේ රගපෑවේ ඒ දවස් වල... මතකද උබ දවසක් උගේ කණෙන් ලේ එන්න ගැහුවේ..."
"ආහ් ලාවට මතකයි... ඉතින්? "
"උබ දන්නවද දැන් ඌ කොහෙද ඉන්නේ කියලා.."
"හුත්තක් කියෝනවා... මන් දන්නෙ කොහොමද... උබ හිතුවද මන් මගේ කාලේ කැප කරන් ඔව්වා හොයයි කියලා... අනික මට දැන් ඌව මතකත් නෑ..."
"ඌ තමයි දැන් අපේ ඔෆිස් එකේ in charge ඉන්නේ.. පොර දවසක් මගෙන් උබ ගැන ඇහුවා.. ඌ උබ ගැන තාම හොයනවා බං..."
"ඉතින්.. උබ මට මොකද කරන්න කියන්නේ..ආහ්..?"
"මොකක්ද උබට මොනාහරි කිව්වත් වැරදි..උබට මුලග්ගිනන්ද මොනාහරි කිව්ව ගමන් ඇගට ගොඩ වෙන්න එනවා.."
"ආස නෑ බං..."
මන් කියපු එක ඇහුන් නැතුවද කොහෙද ආකාශ් ආයේ බෙල්ල ගස්සලා මගේ මූණ දිහා බැලුවේ කටත් ඇද කරන්...
YOU ARE READING
UNDERRATED [ On Hold ]
Mystery / Thrillerආදරය, වෛරය, පළිගැනීම සමග මුසු වූ වේදානත්මක හදවත් කිසි දිනෙක සනසාලිය නොහැකි බව දැන උන් ආත්ම 2ක් එකිනෙක අහම්බෙන් මුණ ගැසුණු හමුවීමක් ඔවුන්ගේ ඉරණම ම වෙනස් කරාවි ද ?