Ep 10

80 9 0
                                    


" නැගිටන් කෑ# වේ## පුතා..."

වතුර බාල්දියක් නෑවිලා යන්න ගහපු අර පරයා එහෙම කියලා පයින් ගැහුවේ මට බොඳවෙලා වටේ දේවල් පේන්න ගනිද්දී...

දු...ලේන්

කො... කොහෙද එයා... මගේ දු..ලේන් එයා කොහෙද...
එයාට මොනවහරි වෙලා තිබුණොත් මං තොපි සේරම බාවනවා....

මං මෙතන දුලේන් ගගා කෑ ගහන්න ගියොත් උන් මගේ දුලේන්ව ඈපෙට තියං කරදරයක් කරයි කියලා මට හිතුන නිසා මං අමාරුවෙන් කෑ ගහන් නැතුව හිටියා...

උන් කොහේටද මේ මාව එක්කං ඇවිත් තියෙන්නේ....

වටේම හරිම අදුරුයි අපි හිටපු තැන විතරක් ලයිට් දාලා තිබුනේ. මගේ ඇත් පය සේරම දම්වැල් වලින් ගැට ගහාලා තිබුණා..

කොහොමහරි අමාරුවෙන් ඇස් අරිද්දී මාව වගේම පැත්තක ගැට ගහලා හිටපු එයාව දැක්කට පස්සේ තමයි මගේ ඇගට ලේ ඉනුවේ...
දෙයියනේ.... ඇතියාන්තන් එයා තාම ජීවත් වෙනවා.

මං දුලේන්ව අදුරන් නැති ගානට හිටියේ එහෙම උනොත් තවත් වැඩේ ගැස්සිලා අරුන් දුලේන්ට මොනවහරි කරන්න පුුලුවන් නිසා...

"එයියි....CID මහත්තයා... තමුසේ හැප්පුනේ වැරදි ඇමතියා එක්ක.."

තාමත් හරියට ඇස් ඇරලා නැති දුලේන් ලඟට සිරිමෙවන් ඇමතියා ලං වෙන්න හදද්දීම මං සද්දෙන් කහින්න ගත්තා...

" තෝ මොකද කහින්නේ.. අර කසේ මෙන්න මෙහාට ගෙනෙන් වේළු..."

එහෙම කියපු ගමන් ඌ දුලේන් ගාවින් මගේ දිහාට ආවේ කසේකුත් අරන්..

" උබ මේ පාර මගෙන් තමයි මට්ටු වෙන්නේ රශ්... උබ හිතන් හිටියේ උබ මහා ලොකු චණ්ඩියා කියලානේ... hahaha...."

"උබ මේ කරන්න යන දේට උබට සෑහෙන විඳවන්න වෙයි ඇමති පරයා... තොපි පර බල්ලෝ අත තියලා බලපං..."

මං මගේ ඇස් යටින් ඌ දිහා බලන් කියද්දී ඇමතියා අඩියක් පස්සට ගත්තා...

"ඉඳා වේළු... ගනින් මේක ඕකාගේ කට බහිනකන් තලපන් ඕකව... හැබැයි දැන්ම ඉවරයක් කරලා දාන්න එපා මොකද මට උගෙන් ගන්න වැඩක් තියෙනවා.."

එහෙම කියපු ඇමතියා එතනින් යන්න ගියේ අර කළු යක්ෂයා මගේ දිහාට කසේ අරන් එද්දී...

UNDERRATED [ On Hold ]Where stories live. Discover now