Ep 9

75 10 0
                                    

✴️✴️✴️

"මොකද මං උබට ආදරේ නිසා හු## "

"මො.. මොක්... මොකක්??

"ඇහුන් නැද්ද උබට..."

මට ගහන්න වගේ කියපු එයා දිහා මං තාමත් ඇස් පිල්ලම් ගහන් නැතුව බලන් හිටියා...ඒ ඇස් ගොඩක් නපුරු පාටයි ඒත් ඒ ඇස් අවංකයි කියලා මට හිතෙන්නේ ඇයි ?

ආදරේ? මූ ඒක Serious ද කිව්වේ.. ඇත්තම ද කියලා අහන්න හිතෙනවා ඕයි... මට මේ හැගීම දරාගන්න බෑ උත්තෝ... ඇත්තටම ද මේ... අඩේ මේක හීනයක්වත් ද... මන් පොඩ්ඩක් කොනිත්තගන බලන්ඩ ද....

මාත් උබට ආදරෙයි හු## කියලා මාත් කෑ ගහලා එයාට කියන්ඩ් ද... හේ හේ

මන් පියවි සිහියට එන්න ගොඩක් try කරා...

"මට ඇහුනේ නෑ... තව එකපාරක් කියපන් "

එයා කට කොනින් හිනා වෙන ගමන් මගේ මූණට ලං වුණා.ඒ වෙද්දී අපි අතරේ තිබුනේ වියතක දුරක්...

එයා මගේ කන ගාවට තොල් ලං කරද්දී ඇත්තටම කොල්ලෙක් උනත් මගේ හිත ගැස්සුණා..

කන් පෙත්ත ලඟටම තොල් ලං කරපූ එයාගේ සුවද මට ඒ වෙලාවේ හරි වෙනස් විදිහට දැනන්න ගත්තා.. එයාගේ චූටි රැවුල් කෑලි මගේ කනේ වැදෙද්දී මගේ ඇග උඩ ඉඳන් යටට Current එකක් යනවා වගේ දැනුණා...

"මං කිව්වේ උබට ආදරෙයි කියලා"

එයා කනට කරලා මුමුනද්දි මං ඇස් පියාගත්හේ එයාගේ සුවදින් මගේ මුළු පෙනහළු දෙකම පිරෙන විදිහට දිග හුසමක් උඩට අදින ගමන්...

අත පය හිරි වැටිලා වගේ නිකන් දැනේන් නැතුව ගිහින් මට හෙලවෙන්නවත් බෑ වගේ හිතුනා.

එයා මගෙන් ටිකෙන් ටික ඇත් වෙන්න යනකොට මං එයාගේ ශර්ට් එකේ පොඩි කොනක් අල්ලා ගද්දි එයා මගේ අත් දිහා බැලුවා..

එයා ලාවට හිනා වුණා ඒ ඇස් දිලිසෙනවා.. මට ලෝබ හිතෙනවා බං...ඇයි මට මෙච්චර උබව දැනෙන්නේ දුලේන්.. ඒ ඇස් මාව අතරමං කරා.. අපි දෙන්නටම eye contact break වෙන්න නොදී ඇස් දිහා බලන් හිටියා...

එයා මට තව ටිකක් ලං වුණා... මං නිකන් හීනෙක අතරමං වෙලා වගේ මං එයා දිහා බලන් හිටියා.. හුස්මක් විතරක් වදින තරමට එයා මගෙ ළඟට ආවා..

UNDERRATED [ On Hold ]Where stories live. Discover now