ඊයේ මට ගහපු එකට පළිගන්න හිතන් මං එයාට කලින් උදෙන්ම අහැරිලා වොෂ් රූම් එකට පැනගත්තා...
හිටපන්කෝ මූ මට ඊයේ පයින් ගහපු එකට නම් මං කොහොමත් පලි ගන්නවාමයි...
මං දත් ටික මැදලා ඉවරවෙලා ටූත් වොෂ් එකට ලුණු මිශ්ර කරලා හෙයා ඩ්රයාර් එකට පවුඩර් එක හැලුවා... දැන් හරි ආහ්...පොඩ්ඩක් හිටු තමුසේගේ කොන්ඩේත් පොඩ්ඩක් නිල් කරලා ගමු අපි... මං ෂැම්පු බෝතලේට නිල් බිංදු දෙක තුණකුත් දාලා හොදට හොලවලා තිබ්බා...
ම්ම්ම් දැන් හරි.... මං ශේප් එකේ එයා නිදිද කියලා එයාගේ ඇස් දෙක ලගින් අත එහෙට මෙහාට කරලා බැලුවා... ආහ් no reaction ඒ කියන්නේ නිදි... මං ශේප් එකේ ගිහින් eye brow pencil එකක් අරන් එයාගේ මුණේ කුරුටු බලි ගෑවා...
අම්මෝ අම්මෝ ඕයි දැන් නම් නිකන් Captain jack Sparrow වගේ look එකක් තියන්නේ.. මං බොහොම අමාරුවෙන් හිනා නොවී කට තද කරගත්තේ එයා දැන් ඇහැරෙන්න යන්නේ කියලා තේරුණු නිසා... මං හෙමීට එහා පැත්තෙ පුටුවෙන් වාඩි වෙලා ෆෝන් එක අස්සට මූණ දාගත්තා...
"ම්..ම්..රශ්... මොකෝ මේ කලින්ම ඇහැරලා..? "
එයා ඇස් දෙක පොඩි කර කර මගෙන් ඇහුවේ ඇගේ හිරි අරින ගමන් බෙල්ල දෙපැත්තට කරකවන ගමන්...
"ආහ් නිකන් අද පොඩ්ඩක්.. හම් හම්ම්... මේ කලින් ඇහැරුනා මට.."
මං බොහොම අමාරුවෙන් හිනාව පාලනය කරගත්තේ තොල් තද කරන්... එයා මං දිහා ඇස් හීනි කරලා බැලුවොත් එයාගේ මුණේ ඇන්ද කුරුටු බලි දැකලා මට හිනා යන්න ආවා...
එයා ටවල් එක අරන් වොෂ් රුම් එකට ගියා...
ඔන්න දැන් තමයි drama එක පටන් ගන්නේ.. හෙහේ... තෝ මට ගහපු එකට..රීටන් එක දෙන්නේ එකට දෙක ගානේ.. පැහැදිලිනේ. ?? 😏
"රශ්... කවුද යකෝ මගේ මුණේ බලි රූප ඇන්දේ......"
එකායි..... මං හයියෙන් හිනා වුණා
"යකෝ රශ්.... තෝ මේකට ලුණු දැම්මද ආහ්....! "
දෙකායි....
එයා වොෂ් දාගන එළියට එද්දී කොන්ඩේ නිල් වෙලා... අම්මෝ අම්මෝ දැන් නම් නිකන් විෂ්ණු දෙයියෝ වගේ... මං තොල් තද කරන් බොහොම අමාරුවෙන් ෆෝන් එක දිහා බලාගත්තා...
YOU ARE READING
UNDERRATED [ On Hold ]
Mystery / Thrillerආදරය, වෛරය, පළිගැනීම සමග මුසු වූ වේදානත්මක හදවත් කිසි දිනෙක සනසාලිය නොහැකි බව දැන උන් ආත්ම 2ක් එකිනෙක අහම්බෙන් මුණ ගැසුණු හමුවීමක් ඔවුන්ගේ ඉරණම ම වෙනස් කරාවි ද ?