Ep 24

57 6 0
                                    


"ස්ෂ් ම්ම්..."

"අරවින්ද්... මට ඕක දීලා පලයන්..."

"ඒත් බොස්..."

"කිව්වම ඕක තියලා පලයන්...!! "

"ඔ..ඕකේ බොස් "

"ම්ම්.... ස්ස්.ෂ්...ආහ්.."

ග්ලාස් ටේබල් එක උඩ තිබුණු සුදු කුඩු ටික මං සාක්කුවේ තිබුණු කාර්ඩ් එකෙන් කොටස් තුන හතරකට වෙන් කරලා කොටස් දෙකක් නහය ලගින් උඩට ඇද්දා.

මගදී මාත් එක්ක කතා කරන්න ආව අරවින්ද් ගාව තිබ්බ හෙරොයින් පැකට් එක..මං ඒක උගෙන් ඉල්ලාගන නහයට තියලා ඇද්දා.. මං සාමාන්‍යයෙන් කුඩු වලට ඇබබැහි නොවුනත් ඉදලා ඉදලා අහුවුණොත් මං ඒ චාන්ස් එක මිස් කරගත්තෙත් නෑ...

අරවින්ද් මාව ගෙදරින්ම දාලා යන්න ගියේ මං ඒ වෙද්දී හිටියේ හොඳ සිහියෙන් නොවුණු නිසා..

මට ඇස් බොදවෙලා වටේ දේවල් පෙනුනත් මං ඒකෙන් අමුතු වින්දනයක් ලැබුවා..

මං එහෙම්ම සෝෆා එකේ හාන්සි වුණේ කකුල් දෙකත් සෝෆා ඒකේ විට්ටම උඩින් දාගන...

හොඳ වෙලාවට එයා තාමත් ඇවිත් නෑ.. මට ඇති කියලා හිතුනු නිසා මං අසිහියෙන්ම ග්ලාස් ටේබල් එක උඩ තිබුණු අනිත් කුඩු අතින් එහෙට මෙහෙට කරලා පිබලා දැම්මා..
දැන් හරි... මං එහෙමම ආයෙත් සෝෆා එකේ ඇලවුණා... මට ඒක එක මනෝ විකාර මැවෙන්න ගත්තා..

ආ...ර්ර්... දැන් නම් මේක ඕනවට වඩා වැඩි වගේ මං අතින් ඔලුවේ පැත්තට ගහගත්තා නිකං හරි සිහියට එන්න වගේ..

මං එහෙම්ම අත් දෙකෙන්ම මගේ කොන්ඩේ අල්ලන් සෝෆා එකේ රූටලා පහලට ගියේ උමතුවෙන්... ආහ්... මං එහෙට මෙහෙට හැරී හැරී දගලද්දි මන් මගේම කම්මුලට පාරක් ගහගත්තා.. ටේබල් එක අල්ලන් හෙමීට සෝෆා එකෙන් නැගිට්ටත් මට හරියට ඇවිදන් යන්න පාර පෙණුන් නෑ මාව පැද්දෙනවා.. මන් බිත්තියට වාරු වෙලා ගිහිං ටැප් එක ඇරලා මූණට වතුර ගහගත්තා.. ඒත් මදි කියලා හිතුනු නිසා මං ටැප් එකට මුණ අල්ලගනම හිටියා..

මං ආයෙත් බිත්තිය අල්ලන් ඇවිත් සෝෆා එකේ හාන්සි වුණේ සෝෆා එකේ තිබබ කොට්ටේ මූණට කරලා තද කරන්...

UNDERRATED [ On Hold ]Where stories live. Discover now