වෙලාව උදේ 9.45යි.. ඇදේ හාන්සි වෙලා හිටපු මගේ ෆෝන් එක රින්ග් වුණු නිසා මං ෆෝන් එක එහෙමම අරන් කනේ තියාගත්තා...
Ring..Ring...
"අඩෝ රශ්.. මචං මන් ආකාශ්.."
එහා පැත්තෙන් කතා කරේ මගේ යාළුවා ආකාශ් වෙද්දී මං සාමාන්‍ය විදිහට කතා කරා...
"කියපං ආකාශ්..."
"ටනාෂා ප්‍රෙග්නට්..."
"What ?? "
මං ඉක්මනට ඇදෙන් නැගිටලා කලබලෙන් ඉදගත්තා...
"ටනාශාව ලේබර් රුම් දැම්මා බං... ටිකක් ආමරුයිලු... උබ ඉක්මනට වරෙන් හෝපිට්ල් එකට... මන් මේ හදිස්සියේ ගත්තේ ඒක කියන්න.."
"ආහ් හරි හරි මචං මන් ටක් ගාලා එනවා..."
මං කෝල් එක කට් කරලා මුකුත් නොකියාම දුලේන්ව ඇදන් හොස්පිටල් එකට ආවා....
අපි වෝඩ් එකේ එලියෙ පුටුවලට වෙලා ඉඳන් හිටියා ටනාෂාගේ අයියා වගේම මගේ යාලුවෙක් වුණු ආකාශ් දෙන්නම එතනට ඇවිත් හිටියා..
දුලේන් මායි මූණට මුණ බලන් තිබුණු පුටු දෙකක වාඩි වෙලා හිටියා... මන් නොසංසුමෙන් අත් එකිනෙක පටලන් හිටියේ. එයා මගේ අත් දිහා වගේම මගේ මූණ දිහා හරිම සන්සුන් බැල්මකින් ඔහේ බලං හිටියා.
දිගින් දිගටම තිබුණු මේ නිහැඩියාව නිසා මට ලොකු අපහසුතාවක් දැනුනා...
"රශ්... "
එයා මගේ නම කියද්දී මං ඔලුව උස්සලා බැලුවා..
"රශ් වැරදිලාවත් උබ අතින්__? "
එයා මගේ ඇස් දිහාම බලන් අහද්දි මන් ඊට කලින් ඉස්සර වුණා...
"නෑහ්... කොහොමද එහෙම දෙයක් වෙන්නෙ..."
එයා දිග හුස්මක් පහත හෙලලා අහක බලාගත්තා..
මං නැගිටලා ගිහින් එයාගේ එහා පැත්තේ ඉදගත්තේ දෙගිඩියාවෙන්... ඇත්තටම මන් හිටියේ හරිම කලබලෙන්..
"වේද්.. ඒත්.. වැරදිලාවත් ඒ ළමයා.."
මං එහෙම කියද්දි එයා මගේ දිහා ඇහිබැමක් උස්සලා බැලුවා..
"උබ කියන්නේ හදන්නේ ටනාෂා ප්‍රෙග්නට් උනේ උඹේ අතින් කියලද...? "
YOU ARE READING
UNDERRATED [ On Hold ]
Mystery / Thrillerආදරය, වෛරය, පළිගැනීම සමග මුසු වූ වේදානත්මක හදවත් කිසි දිනෙක සනසාලිය නොහැකි බව දැන උන් ආත්ම 2ක් එකිනෙක අහම්බෙන් මුණ ගැසුණු හමුවීමක් ඔවුන්ගේ ඉරණම ම වෙනස් කරාවි ද ?