Ep 27

74 7 1
                                    

Warning ⚠️ : දරුණු සිදුවීම් අන්තර්ගත බැවින් සංවේදී අය කියවීමෙන් වලකින්න... I mean 18+ scenes විතරක්ම නෙවෙයි...
>>>>🩸🔪 ☠️

දැන් කතාවට යන්...👇





✴️✴️✴️

ඊයේ වෙච්ච දේවල් වලින් පස්සේ එයා රෑ මගේ ලඟට ආවේ නෑ... කොහේ හිටියද කියන්න මන් දන්නෙත් නෑ මට දැනගන්න උවමනාවක් තිබුණෙත් නෑ... මං දොරෙන් එළියට යද්දිම වගේ නොහිතපු විදිහට එයා එද්දී මන් කිසිම හැඟීමක් නැතුව එයාගේ උරේ හැප්පිලා එළියට ගියත් එයා මගේ අත තද කරලා අල්ලගත්තේ අපි දෙන්නා අපි දෙන්නටම පිටුපාලා හිටන් ඉද්දී...

"අතෑරපන්..."

මං කිසිම හැගීමක් නැතුව කියද්දී එයා තව ටිකක් මගේ අත තද කරද්දී මන් අත ගසලා ගත්තේ නිකන් හුස්ම ගන්න මළමිනියක් වගේ... දැන්නම් මගේ හුස්ම වැටෙන්නෙත් නෑ වගේ දැනෙන්නේ මට..

"ර..ශ්..."

මගේ අත ආයෙත් අත් දෙකකින්ම තද කරලා අල්ලගත්ත එයා දිහා මන් එක බැල්ලමක්වත් නොදී මගේ අත දෙවෙනි පාරටත් ඇදලා ගත්තේ කලින්ට වඩා ශක්තියක් වැය කරලා..

මගේ ලඟට ලන්වුණු එයාව මන් මග ඇරලා එන්න හැදුවත් එයා උළුවස්සට අත තිබබේ මට ලංවෙන ගමන්.... මගේ අතින් එයා ආයේ අල්ලන්න හදද්දී...

"අතෑරපන්.. මාව අල්ලන්න එපා...! "

මං කිව්වේ පහත් ගැඹුරු හඩිකින් දත් එකිනෙක පූට්ටු කරමින්... මගේ අත් වලින් මන් එයාව reject කරන් ගමන් එයාගෙන් ඈත් වුනේ නොරිස්සුමින්...

" රශ්... මට සමාවෙයන් එකපාරක්___ "

"නෑ... මට උබ කියන ඒවා අහන්න ඕන නෑ ඔතනින් එහාට වෙයන්..."

මං එයාව තල්ලු කරන් එළියට ආවේ එයා මට සද්දෙන් කෑ ගහද්දි...

"රශ්... උබ කොහෙද යන්නේ ආහ්... උබට මොකද වෙලා තියෙන්නේ....? "

ගෙදර අපි දෙන්න ඇරෙන්න වෙන කවුරුත් හිටියේ නැද්ද නැත්තං ඒ මිනිස්සුන්ට එයා අපි දෙන්නා ගැන කියලද කියන්න මන් දැන්න් හිටියේ නෑ ඒත් එයාලා කවුරුත් අපේ සද්දේට දුවගන ආවේ නැති එක මට හිතට ලොකූ සැනසීමක් උනා..

UNDERRATED [ On Hold ]Where stories live. Discover now