Chapter 45

1.4K 255 216
                                    

රෑ කලුවරේ කවුරුත් නිදානොගෙන පිලට වෙලා බලාගෙන හිටියෙ පරක්කු වෙලා ගෙදර ආපු පලියප්පෙරුම නිදාගන්නකම්.පලියප්පෙරුම නිදාගන්න කලින් අජේව ඇදගෙන තමන්ගෙ කාමරේට ගියේ මාදවට තනියම නිදාගන්න කාමරයක් දීලා. මීට කලින් නම් මාදව නිදාගත්තේ මංජුයි අජෙයි එක්ක. ඒ වුනත් පලියප්පෙරුම මංජුටත් චූටි එක්ක නිදාගන්න කිව්වෙ මාදව එක්ක බුදියලා මංජුටත් ලෙඩක් බෝවේවි කියලා හිතලා වගෙයි. මාදවට දැනුනෙ තමන්ට ඒ කරන අපහාස වල හැටියට තමන්ගෙ හිත පරවේවි කියලයි.

ඒ වුනත් මාදව කන්කෙදිරි නොගා තමන්ගෙ කාමරේට ගිහින් දොර වහගත්තෙ අඩ අඩා අජේගෙ අයිතිවාසිකම් ඉල්ලන්න තරම් තමන්ට ශක්තියක් තිබුනෙ නැති නිසයි. සමහරවිට මගුලට කලින් තමන්ට බස් රතයෙන් හෙට දිහාට නිල නිවසෙ පදින්චියට යන්න වේවි කියලා මාදවට තේරුණා. අජේ මොන විදිහෙ ස්වාදීන මත දැරුවත් ගිනිසීරියා කෝටුවෙන් තලද්දිත් අප්පච්චි කතා කරද්දි ලගට ගියේ අප්පච්චි ගැන අජේගෙ හිතේ තිබුන බයටයි ආදරේටයිනෙ කියලා මතක් වෙලා මාදව හිත හදාගත්තා.

ඒ වුනත් ගෙදර කලුවර වෙද්දිත් මාදවට නින්ද ගියෙ නෑ. මාදවට දැනුනෙ තමන්ගෙ හිතට දැනෙන වේදනාවට පපුව කැක්කුම් දෙනවා වගෙයි. මේ දේවල් මේ විදිහට සිද්ද වෙන බව මාදව දැනගෙනයි වුන්නෙ. ඒ වුනත් ඒ ඇත්ත ඇස් පනාපිට පෙනෙන්න ගද්දි මාදවට හිතුනෙ අජේව තමන්ගෙ සාක්කුවෙ දාගෙන හන්ගගන්න තිබුනනම් හොදයි කියලයි. ඒත් මහ රෑ එකපාරට තමන්ගෙ කාමරේ දොර ඇරිලා වැහෙනවා දැකලා මාදව පුදුමෙන් ඇදෙන් නැගිට්ටෙ ඇද ලග තිබුන ඉටිපන්දම පත්තු කරගෙන.

පුන්චි ඉටිපන්දම් එලියෙන් අජේ කාමරේ දොර වහනවා දැකලා මාදව ඇද විට්ටමට හේත්තු වෙලා වාඩි වුනේ තමන්ටත් නිදිමතක් අහල පහලකවත් නොතිබුනු නිසයි. අජේ වෙන කොහෙන්වත් වාඩි නොවී මාදවගෙ කකුල් දෙක මැද්දෙන් වාඩිවෙලා මාදවගෙ පපුවට අජේගෙ පිට හේත්තු කරගත්තෙ මාදවගෙ උරහිසෙන් තමන්ගෙ ඔලුවත් හේත්තු කරගෙන විඩා අරින අතරෙ.

"පිට දනවනෙ සුදු මහත්තයා ! මට නින්ද යන්නෙ නෑ. පැදුරෙ එහෙට පෙරලුනත් කැක්කුමයි මෙහෙට පෙරලුනත් කැක්කුමයි"
අජේ කිව්වෙ මාදව දිහා ඔලුව උස්සලා බලන අතරෙ. මාදවට දැනුනෙ අජේගෙ උණුහුම තමන්ගෙ සැනසීම ටිකෙන් ටික ආදරෙන් පොගවනවා වගෙයි. ඒ නිසා මාදව ටික වෙලාවකට ප්‍රශ්න අමතක කරලා අජේගෙ ඉන වටේ තමන්ගෙ අත් දෙක ඔතාගත්තෙ අජේගෙ උරහිසෙන් තමන්ගෙ කම්මුලත් හේත්තු කරන්.

ලාවුළු | boy love | ongoingWhere stories live. Discover now