Chapter 43

1.2K 227 218
                                    

සීතල මීදුම ජනේලෙන් ගෙට වඩින වෙලේ කවුදෝ මාදව හෙලෙව්ව නිසා අඩ නින්දෙන් ඇස් දෙකත් පුන්චි කරන් මාදව හැරිලා බැලුවෙ කම්මැලිකමේ. අජේ හොදට ඇද පැලදගෙන යන්න ලෑස්ති වෙලා මෝටර්සයිකලේ හිස් ආවරණෙකුත් අතේ තියාගෙන ඇද ලගට වෙලා හිටගෙන ඉන්නවා දැකලා මාදව ඇදේ ඉදගත්තෙ ඒ අය උදේම යන්න ලෑස්ති වෙලා ඉන්නෙ කියලා තේරිලා.

"සුදු මහත්තයා නැගිටලා ඇදුමක් දාගන්න"
අජේ කියනවා ඇහිලා මාදව අජේ දිහා බැලුවෙ ඈණුමක් අරින අතරෙ කම්මැලිකමේ.
"මන් මොනාට ඇදුම් උලාගන්ටද ?"

"මංජු ආවෙ ලොකු අම්මව එක්ක යන්න. මන් ආවෙ සුදු මහත්තයව එක්ක යන්න. අපෙ ගෙදර බලන්න යන්න සුදු මහත්තයා ආස නැද්ද ?"
අජේ අහනවා ඇහිලා මාදවගෙ ඇස් පුදුමෙන් දිලිසුනා. ඒ නිසා මාදව නිදිමත පැත්තක දාලා ඇදෙන් බැස්සෙ තුවායයි දත් බුරුසුවයි අතට අරගෙන.
"ඇත්තටමද කියන්නෙ ? ඒත් මන් හවසට ආපහු මෙහෙ එන්නෙ කොහොමද ? එහෙ ඉදන් මෙහෙට එන්න බස් තියෙනවද ? නැත්තන් අජේ මාව ආපහු ගෙනත් දානවද ?"
මාදව අජේගෙන් ඇහුවත් අජේ තමන්ගෙ සූට්කේස් එක අදිනවා දැකලා මාදවත් අජේට පැත්තකින් වාඩි වුනා.

"නෑ ! මාත් එක්ක එහෙ ගිහින් නතර වෙමු. මගුලට තව සතියක් විතර තියෙන්නෙ. එහෙ කැවිලි පෙවිලි ගොඩායි."
අජේ කිව්ව නිසා මාදව ආයෙම ඇදෙන් ඉදගත්තෙ මූණ ඇද කරගෙන.
"මන් ඉස්කෝලෙ එන්නෙ කොහොමද ? නිවාඩු දාන්න බෑනෙ මට."

"නිවාඩු දාන්න ඕනි නෑ. මන් එහෙ ඉදන් සුදු මහත්තයව මෝටර්සයිකලෙන් ඉස්කෝලෙට ගෙනත් ඇරලවන්නම්. හවසට ලමයින්ගෙ තරග වැඩ වලට පුරුදු කරලා ඉවර වුනාම ආයෙ එක්කරගෙන යන්නත් එන්නම්."
අජේ කිව්වෙ මාදව දිහාවට හැරෙන අතරෙ.
"එහෙනම් ඉතින් මන් ඔයාලත් එක්ක ගියා කියලා වැඩක් නෑනෙ. ඔයාලට මගෙන් කරදර වැඩි වෙනවා මිසක් උදව්වක් වෙන්නෙ නෑනෙ"
මාදව කියනවා ඇහිලා අජේ මාදව ලගට දණගහගෙන ඇවිත් ඇද ලගින් වාඩි වුනේ සූට්කේස් එකෙන් ඇදුම් අරගෙන පුන්චි රෙදි බෑගයකට අහුරන අතරෙ.

"සුදු මහත්තයව එහෙ එක්කන් යන්නෙ වැඩ ගන්න නෙවේ. මගෙ තනියට."
අජේ කිව්වෙ මාදව දිහාවට හැරෙන අතරෙ. ඒ වුනත් සංවාදෙ අවසානෙට මාදවගෙ කම්මුල් රතු වෙන්න ගත්ත නිසා නිශ්ශබ්දව ගිහින් දත් මැදලා මූණ හෝදගෙන ආවෙ මින් එහාට අජේ එක්ක කියවන්න ගියොත් තමන්ගෙ ආත්ම ගරුත්වෙත් නැතිවේවි කියලා හිතුන නිසයි.

ලාවුළු | boy love | ongoingWhere stories live. Discover now