Chapter 47

1.7K 254 190
                                    

ලොකූගෙ මගුලෙන් පස්සෙ මාදව ආයෙම රෑ තිස්සට ඉස්කෝලෙ පොඩි එවුන් එක්ක ඔට්ටු වුනේ තරග කටයුතු වලට දිනත් ටිකෙන් ටික ලන් වීගෙන ආපු නිසයි. කහ පාට විදුළි බුබුලෙන් ආලෝකමත් වෙලා තිබුනු තණ පිට්ටනිය පොඩි වුන්ගෙ වේදිකාව බවට පත් වුනා. එවුන් පිට්ටනිය පුරා එලලා තිබුන පැදුරා පුරා එහෙට මෙහෙට දුව දුව තම තමන්ගෙ රන්ගනය රග දැක්වුවෙ දෙමව්පියො සහ මාදව ඒ ඉස්සරහ හිටගෙන බලාගෙන ඉද්දියි. නාට්‍යයේ අවශ්‍යය තැන් වලට සන්ගීතය සැපයුයෙ පැත්තක ඉදගෙන සර්පිනාව වයපු ගුණේදාසයි එයාගෙ තනියට දෙපැත්තෙ ඉදගෙන තාලම්පට තලපු අජෙයි මංජුයි.

භාග්‍යයි ලියන කියන තරග වලට පුරුදු පුහුණු වුනු කෙල්ලොයි කොල්ලොයි ටික වෙලාවකට ඒ වැඩ නතර කරලා ඉස්කෝල ගොඩනැගිල්ලෙ ඉදන් ජනේලෙ එල්ලිලා නාට්‍යය දිහා බලාගෙන ඉදියෙ ආසාවෙන්. දරුවන්ට හැකි හැකි පමණින් තම තමන්ගෙ චරිත වලට අවශ්‍යය බඩු බාහිරාදිය පුහුණුවීම් වෙනුවෙන් තමන්ම නිර්මාණය කරගෙන තිබුනා. ඒ නිසා නාට්‍යය පුහුණුවීම් තවත් රසවත් වුනා.

සබය මැද ඉදපු එක් කොල්ලෙක් හතර පැත්තෙ වැනි වැනී තමාගේ කවිය කියන්න ගත්තෙ හිස් අරක්කු බෝතලයක් අතේ කරක කරක. ඒ දිහා බලාගෙන කෙල්ලෙක් කම්මුලේ අත ගහහෙන අදෝනා කිව්වෙ සබය පුරා එහෙට මෙහෙට ඇවිද ඇවිද තමන්ගෙ ප්‍රේක්ශකාගාරයට මැසවිලි කියලා.

(බිරිඳගේ චරිතය)
" ♪ බලාපන්කො මගෙ මිනිහා
අකුරු නොදන්න කදයා
කුඹුරක් හෙම මට කොටාලා
කන්න ගෙනෙයි වී හොයාලා... ♩

ඒ වුනාට ඉතින් ඒ මදෑ... මේ මිනිහා බීගෙන ඇවිත් ඔක්කාරෙත් මටම තෑගි කරනවනෙ.. හැමදාම පුලුවන්ද මේ විනාසෙ බලාන ඉන්න ?! ඈ බොල මන් කියන්නෙ, නුඹෙ ඔය සුගන්දෙට මැරුනු වුනුත් වලෙන් නැගිටිනවා මිනිහෝ ! ඒ මැරුණු මලකදන් නුඹට වැඩිය දැකුම්කලුයි"
ඒ කෙල්ල එහෙම කිව්වේ තමන්ගෙ කම්මුලේ අත පොවාගෙන.

(සැමියාගේ චරිතය)
"අනේ බොලාලගෙ හැටි බලාපන්කො ! බීගෙන ගෙදර ආවම කරෝල හොද්ද පෙනෙන්නෙ මස් හොද්ද වගේ.. ඒ වුනාට මයෙ ගෑණි පේන්නෙ කර වෙච්චි වැදිරි වගේ... අබුද්දස්ස කාලෙ ඔය කට වහගෙන පලයන්කො පැත්තකට කන ලග බුරන්නෙ නැතුව !"
අනෙක් කොල්ලා එහෙම කියාගෙන නැගිට්ටෙ බේබද්දෙකු සේ හතර අතේ වැනි වැනී තමන්ගෙ රන්ගනය රග දක්වලා.

You've reached the end of published parts.

⏰ Last updated: Oct 04 ⏰

Add this story to your Library to get notified about new parts!

ලාවුළු | boy love | ongoingWhere stories live. Discover now