මාදව හවස ලමයින් ගෙදර යනකම් පිට්ටනියට වෙලා බලාගෙන හිටියෙ භාග්‍යයත් ඒ එක්කම පස්සෙ වැටිලා පිට්ටනිය පහල අඩි පාරට හැරෙන වෙලේ. ඒ ලමයින්ගෙ එන්න එන්නම බලා ලිවීම කියවීම වගේ දේවල් හොද අතට හැරෙමින් තිබුන නිසා මාදවට දැනුනෙ මාස දෙක ගෙවෙද්දි අනිවාරෙන් ලමයින්ව තරගෙට සූදානම් කරන්න පුලුවන් වේවි කියලයි. ඒ ලමයි මහන්සියත් පැත්තක දාලා ඉස්කෝලෙ රෑ දවල් බලන්නෙ නැතුව ආසාවෙන් ආව නිසා මාදවට මහන්සියක් දැනුනෙත් නෑ. ගුණේදාසත් සර්පිනාව උස්සගෙන හැරිලා ගියේ මාදව ඉස්කෝල පිට්ටනියෙ තනි කරලා.
ඒ අතරෙ අජේ පඩිපෙල ලගින් පහලට බහිනවා දැකලා මාදවත් හැරුනෙ වෙලා නොගෙන පිටත් වෙන්න බලාපොරොත්තුවෙන්. මාදව අජේ දිහා බැලුවත් අජේගෙ ඇස් වට කලු පාට සායම් පැන්සලකින් පාට ඉරි ඇදලා තියෙනවා දැකලා මාදවට අජේව පෙනුනෙ ගෑණුන්ව දැලේ දාගන්න හැට හතරම් මායම් පාන මොණරෙක් වගෙයි.
"ඔයා මූණෙ සායම් හෝදගෙන නෙවෙයිද ආවෙ ?"
මාදව අහද්දි අජේ මාදව එක්කම පඩිපෙල නැග්ගෙ ඔලුව දෙපැත්තට වනන අතරෙ.
"නෑ ! මට මකාගන්නත් එපා කිව්වා. ඒ අක්කා කිව්වා අමාරුවෙන් දාපු මූණෙ සායම මකාගත්තොත් මට සුද්ද සින්හල සිහි කරලා දෙනවයි කියලා"
අජේ කියනවා ඇහිලා මාදව හිනාවුනේ අජේගෙ අතේ තිබුන හිස් ආවරණෙ හිසට දාගන්න වෙලේ.ලොකූගෙ සහෝදරයො දෙවෙනි මනමාලයොන්ට ඉදපු නිසා ඒ අයට නිලමෙ ඇදුම් අන්දලා බලලා ඒ අයගෙ ඇදුම් පැළදුම් සකස් කරන්න බියුටි සැලෝන් එකක ගෑණු කෙනෙක් ඇවිත් ඉදියා. ඒ ගෑණු පරානෙ මනමාලිගෙයි, මනාමලයගෙයි, දෙවෙනි මනමාලයොන්ගෙයි මූණු වලට සායම් දැම්මෙ පෙරහුණුවක් විදිහට. ඒ වැඩ අතරමැද්දෙ අජේ ගෙදරින් ආවෙ ඉස්කෝලෙ වැඩ අවසන් වෙන වෙලාවට මාදව එක්ක යන්න වුවමනා නිසයි.
"ලොකූගෙ මගුලට නම් දෙවෙනි මනාලයො පස් දෙනෙක් ඉදීවි. සුදූගෙ මගුල ගද්දි දෙවෙනි මනාලයෙක්ට ඉතුරු වෙන්නෙ මන් විතරයි. මගෙ තනියට මංජුටත් නිලමෙ ඇදුම අදින්න කියනවා"
අජේ කියනවා ඇහිලා මාදව මොනවත් නොකීවෙ තමන්ට ඉරිසියා හිතුන නිසයි. අජේගෙ පවුලෙ අය මගුල් ගත්තෙ හෝටල් වල ගන්න මගුල් වලටත් වඩා සුවිසාලෙට.
YOU ARE READING
ලාවුළු | boy love | ongoing
Non-Fictionඩුකු ඩුකු ඩුකු ! මහ සද්දෙන් සද්ද කරගෙන ඉස්සරහට ඇදුනෙ උඩරට මැණිකේ කෝච්චිය නම් නෙවෙයි. ලාවුළු ගස් අතරින් වැලිගම්බර අසිරිය කියාගෙන ඉස්සරහට ඇදුනු මන්දගාමී බස් රතය ඒ සිරි අසිරි වින්දෙ පාලු කැලේ තනි මකාදාලා. කොස් පොලොස් වලින් සරුසාරෙට තිබුන ලාවුළු වත්ත මැ...