Helloooow ළමයි කෝමද? මේ මගේ 1st story එක ඉතිම් අඩුපාඩු ඇතිවෙයි ඒවට සමාවෙන්න.😪💗
මං මුලින් ම චරිත හදුන්වා දෙන්නෙ නෑ මොකද එතකොට කතාවට කුතුහලයක් නැති නිසා.
ප්‍රධාන චරිතෙ ගැන කියන්නම්කො මුලින් ම, එයාගෙ නම තරුෂ යාලුවො ආදරේට කිව්වෙ තරූ කියලා.මං හිතන්නෙ නැ මං සුදුයි කියලා ඒත් යාලුවො කියනෝ මං සුදුයිලු එ නිසා මං සුදුයි කියලා ඔයාල හිතන්න .මොකද මට වඩා මාව පෙන්නෙ පිටින් බලන අයටනෙ. මම ඉන්නෙ මාරවිල කියලා beach කිට්ටුව තියෙන ලස්සන නගරෙක . ඔයාලා හැමෝම දන්න කුරුස පල්ලිය තියෙන කිට්ටුව ම වගේ .
හරි හරි අපි කතාවට යන් දැන් 😁...
"චූටි පුතා නැගිටින්නෙ නැද්ද ඉස්කෝලෙ යන්න පරක්කු වෙනවා. මං එන්නද නැගිටිනවද"
උදේ පාන්දරම අම්මගෙ සුමිහිරි වචනත් එක්ක මං නැගිට්ටෙ ඉස්කෝලෙ යන්න ඕනිම නිසා නැත්තම් කනක් ඇහිලා ඉන්න නෑ . මේ වෙද්දි මං 10 වසරේ.
"හරි අම්මෙ මේ එනෝ තේක හදලා තියන්න"
කියන ගමන් මං දිව්වෙ කුස්සියට . ගිහින් අම්මවත් පිටිපස්සෙන් තුරුල් කරගෙන ටික වෙලාවක් ඉඳලා මම ගියේ දත් මැදලා මූණ සෝදන් ඇගපත හෝදගෙන එන්නත් එක්කම . ඇගපත හෝදන් කුස්සියෙන් තේකත් අරගෙන මම කාමරේට ඇවිත් පෝන් එක අතට ගත්තෙ මොනා හරි මැසේජ් ඇව්ත් ද කියලා බලන්න.
"බල්ලො කෝල් ගත්තම answer කරන්න බෑද ? අද ඉස්කෝලෙ එනවා නේද ?"
කියලා ප්‍රශ්න කෝටියක් විතර අහලා තිබ්බෙ මගේ ඉස්කෝලෙ යාලුවො තුන්දෙනා උන ( නිමේශ් , ඕශාන් , නුවන්තර ) කියන යාලුවන්ගෙන් ඕශාන් කියන යාලුවා.
"Sorry හොඳේ මම සයිලන්ට් දාල තිබ්බෙ බං ඒකයි කෝල් එනවා ඇහුනෙ නැත්තෙ . ඔව් අද එනවා"
කියලා මාත් rp එකක් දාලා තේක බොන ගමන් ( මං උදේට කිරි බොන්නෙ නෑ ගෙදර ඉන්න දවසකට ඇරෙන්න 😁) tik tok පැත්තට පොඩ්ඩක් ඔලුව දැම්මා.
ටිකවෙලාවක් ඉඳලා තේකත් බීලා මාත් අම්මා අයන් කරපු සුදු ඇඳුම් ටිකත් අරගෙන ඇවිත් ලෑස්ති උනා. මං ඇඳුම් අයන් කරගන්නවා හොඳේ වෙන දවස් වලට . අම්මට වෙලාවක් තිබ්බොත් එයා අයන් කරලා තියෙනවා නැගිට්ටම.
YOU ARE READING
🌼..ප්‍රාර්ථනා නිමා නොවේ..🌼
Romance🌼සුන්දර ප්‍රේමයක් සොයා යන අහිංසකයෙකුගේ ප්‍රේමනීය කතාව🌼