"බීප් බීප් බීප්"
"හෙලෝ"
"හෙලෝ මැනික ... දැන් ලෑස්ති වෙලා ඉන්න හරිද..මම එනවා එක්කන් යන්න"
"ඇයි සුදූ උදේම ?..ඩිනර් එකකට නේද යනවා කිව්වේ?"
"තමුසෙට ඒ පන්ඩිත කම් වලින් වැඩක් නෑනේ.කිව්ව දේ කරනවකෝ..."
"අනේ අප්පා කියන්නකෝ. නැත්තම් මම ලෑස්ති වෙන්නේ නෑ"
"අම්මෝ තමුසෙනම්.. මම අදහස වෙනස් කරා .. ඩිනර් එකක් වෙනුවට මට හිතුනා ඩේ අවුට් එකක් ම යන්න.. ඒ නිසා ආයේ ප්‍රශ්න අහන්නේ නැතුව පන්ඩිත නොවී ලෑස්ති වෙලා ඉන්නවා....නැත්තම් මට කියලා කන පලාගන්න ලෑස්ති වෙලා ඉන්න..බායි"
"බායි බායි "
මේකා එන්න එන්නම නපුරු වෙනවද මංදා....හිතේ ඇති මට ගහන්න...මට ගහලා ආයේ කුක්කු බොන්නද ඉතින් ... මම ඉතින් තරූගේ අයිති කාරයා කිව්ව විදිහටම ලෑස්ති වෙලා හිටියා අයිති කාරයා එක්කන් යන්න එනකන් ම.පැය බාගයකට විතර පස්සේ වාහනයක් නවත්තනවා ඇහුනා මිදුලේ.... ටිකකින් මහීෂ අයියා කාමරේට ආවා..
"සුදූ...... ඔයා ලෑස්ති-"
අයියට මාව දැකලා කියන්න ගිය දේත් හිර උනා....අයියා විනාඩි දෙක තුනක් ම මං දිහා ඇස්දෙකත් ලොකු කරන් බලාගෙන හිටියා ගල් ගැහිලා වගේ.
"අයියේ මොකද මේ??"
"ආ.."
මම අයියා ගාවට ගිහින් අයියගේ අතින් අල්ලගද්දි තමා අයියා හරි සිහියට ආවේ .
"ඔයා ඕම ඇන්දම හරි ලස්සනයි මැනික..ඒකයි මං confus උනේ."
"ඒමද .... ඔයාත් ඕම ඇන්දම ගොඩක් handsome සුදූ"
මම ඇඳලා හිටියේ කලුපාට ෆුල් කිට් එකට සුදු ඩෙක් දෙකකුයි , සිල්වර් වොට්ච් එකකුයි , සිල්වර් රින්ග් දෙකකුයි , සිල්වර් චේයින් එකකුයි , සුදු ග්ලාසස් දෙකකුයි , අලු පාට ලෙන්ස් දෙකකුයි. තව ඉතින් චූටියට මේකප් එකකුයි රෝස පාට ලිප් බාම් එකකුයි ගාගත්තා ( දැන් ඉතින් බනින්න එන්න එපා මේකප් දැම්මා කියලා... කොල්ලොත් මේකප් දානවා හරිත ) ඕකට තමා ඉතින් අයියා වශීවෙලා තියෙන්නේ. මම මෙහෙම ලේසියකට අඳින කෙනෙක් නෙමේ..කලාතුරකින් තමා මෙහෙම අඳින්නෙ. මම මේම ඩ්‍රෙස් කරලා ඉන්නවා මහීෂ අයියා දැකපු පලවෙනි පාර මේ. ඩේ අවුට් එකකට යද්දි ලස්සනට යන්න ඕනිනේ ඉතින්. අයියත් හැන්ඩ්සම් එකට හිටියා අනේ. කාටද ඉතින් ආඩම්බර .....................
......................................... මට මට වෙන කාටවත් නෙමේ.
YOU ARE READING
🌼..ප්‍රාර්ථනා නිමා නොවේ..🌼
Romance🌼සුන්දර ප්‍රේමයක් සොයා යන අහිංසකයෙකුගේ ප්‍රේමනීය කතාව🌼