part 30.

65 8 0
                                    

"ටික්කි ටිකිරි ටිකිරි ලියා
එයා එක්ක රූම් ගියා.."

"ඇඳ වටකර අනංගයා
ටිකිරිට කෙලවලා ගියා"

"මොනාද බං තරූ ඔය කියවන්නේ උබලා දෙන්නා...ට්‍රැක්ද?"

"ඇයි සුදූ ...... ලස්සන නැද්ද අනා අපේ සිංදුව"

"ලස්සනයි අම්මාගේ රෙ- මං කියන්නෙ නෑ ඉතින්"

අපි හිටියේ මිදුලේ තිබුන අඹ ගහ යට හදලා තිබ්බ ගල් මේසෙට වෙලා. අපි කිව්වේ මායි නිමේෂුයි ශෙනුක අයියයි මහීෂ අයියයි. ඒ කපල් එකටත් මම කෝල් කරලා එන්ට කිව්වා ඉතිම්. ගේ ඇතුලේ ඉතින් නෑදෑ හැත්ත කුරුට්ට ඔක්කොමයි පොඩි පොඩි බේසිකයො ටිහිකුයි ඉන්න නිසා අපිට මලක් කඩන්නවත් නෑ. අනික අපි දෙන්නා සිංදුවක් කිව්වොත් තමා මේ මනුස්සයටත් පරහට හිටින්නේ.ආච්චිගෙ චීත්තේ .

"ඔයා කියන්න ඕනේ නෑ අනේ කෝමත් අපි දන්නවා මගෙයි මගේ සුදාම්මියාගෙයි සිංදු ලස්සනයි කියලා..ඒම නේද සුදාම්මියෝ"

මම නිමේෂයාගේ කරවටේ අතක් දාගෙන අනිත් අතින් කම්මුල අල්ලලා මිරිකුවා ..

"ඊව්ව් බං උබලා නම්"

"අනේ මේ ශෙනුක අයියේ........ඔයා කට පුප වහන් ඉන්නවද...."

"කට කෙසේවෙතත් අනිත් එක නම් වහන් ඉන්නේ ... ඇයි පොඩ්ඩො උබට ඒක එලියේ වගේ පේනවද?"

"ඊයා ඕයි අයියේ ..... බලන්නකො සුදු මාත්තයෝ මේකා කියන කතා"

මම එහෙම්මම ශෙනුකයාගෙන් ඈත්වෙලා මහීෂ අයියා ගාවට ඇදීගෙන ගිහින් අයියාගෙ අතක් අරං ඒ අතට තුරුල් උනා..

"ඒ බං තරූ.....අයියගෙන් අයින් වෙයන්"

ඒම කියපු නිමේෂයා උගේ කකුලෙන් මගේ කකුලට පයින් ගහන ගමන් ඇහෙන් පිටිපස්ස පෙන්නුවා..මම හැරිලා බලද්දි අර කලින් කියපු මට ලයින් දාන අපේ නෑදෑ වෙන අයියා අපි ඉන්න පැත්තට එනවා..ඊව් මේකා නිකම් හෙනකඳයාවගේ හෙන උසයි..මොනා උනත් පොරත් ලස්සනයි ටිකක්.. ඒත් ඉතින් මගේ පාත්තයට වගේ පුපක් නෑනේ..ඒ නිසා වැඩක් නෑ. මම ඒ එක්කම අයියගෙන් අයින් වෙන්න හැදුවත් අයියා මගේ කරවටේ අතක් දාගෙන මට අයින් වෙන්න නොදී අල්ලගෙන හිටියා..

🌼..ප්‍රාර්ථනා නිමා නොවේ..🌼Where stories live. Discover now