"බීප් බීප්"
කව්ද මේ වෙලේ mg කරන්නේ.
"මැනික ඔයා ගෙදර ගියාද , දවල්ට කාලා ලෑස්ති වෙලා පරිස්සමෙන් එන්න මැනික. මාත් දැන් ආවේ ගෙදර"
"ඔව් සුදූ මං ඇවිත් දැනුයි නාගෙන ආවේ කාමරේට. හරි හරි ලමයෝ මම කාල එන්නම් ,ඔයත් කන්න හොඳද. මං 3 වෙද්දි එන්නම්."
"හරි මාත් ඒනම් 3 වෙද්දි එන්නම් මැනික , දැන් ගිහින් ඇදුමක් දාගන්නවා. නැත්‍තම් මං හොයාගෙන ගෙදර එනවා හොඳේ 🤭"
අනේ අනේ වල් වනචර පොකිරිස්සෝ. හිතේ ඇති මං හා කියයි කියලා .
" අනේ එපා . මට ඇඳුමක් දාගන්න පුලුවන්. ඒ නිසා මගේ මෝඩයා කලබල වෙන්න ඕනෙ නෑ හොඳේ"
" මොනාද ඕයි , ආසාවකටවත් පොඩ්ඩක් රොමෑන්ටික් වෙනවකෝ මැනික"
" විකාර නොකර ඉන්න අයියේ. මං යනෝ ලෑස්ති වෙන්න. ඔයා 3 වෙද්දිම එන්න හරිද?"
" ම්ම් හරි හරි එන්නම්"
.......................................................................
" ඒ බං නිමේෂ් , මොකක්ද මේ පාර හම්බෙලා තියෙන මාතෘකාව බං"
"ගැමි ගෙදරක් කියලා තමා මිස් නම් කිව්වේ"
"ඒ තරූ , උබලා දෙන්නත් වරෙන් යමු"
"කොහෙද ශෙනුක අයියේ යන්නේ"
"උණ බට කපන් එන්න. පිඳුරුත් අරන් එනවා ඒ එක්කම"
" ඒත් මං මේ...."
" ආ හරි හරි බං , උබ වරෙන්කෝ යන්න. මහීෂයා එතනට එයි"
" ම්ම්ම් , ඒනම් යමු ඉතින්🤭"
"අම්මේ මුගේ හිනාව යකෝ"
" අනේ යමන් බං අයියේ යන්න"
මුටත් පේන්නෙ මගේ හිනාව තමා රෙද්ද.
........................................................................
" සුදූ , අපිත් උදව් වෙන්නද උණ බට කපන්න?"
නිමේෂයා ඒම ඇහුවේ අපි ආපු වෙලේ ඉඳන් පැත්තකට වෙලා ඉන්න නිසා.නුවන්තරයයි ඕශානයයිත් නෑනේ ඉතින්. උන් දෙන්නා වෙන නිවාසයකනේ.ඒ නිසා පාලුයිත් එක්ක. අනික මගේ තුදු පාත්තයත් නෑනේ අප්පා තාම.
"අනේ මේ , උබලා මේ බර වැඩ කරන්න ඕනේ නෑ. පැත්තකට වෙලා ඉන්නවලා."
" අනේ ශෙනුක අයියේ......"
YOU ARE READING
🌼..ප්‍රාර්ථනා නිමා නොවේ..🌼
Romance🌼සුන්දර ප්‍රේමයක් සොයා යන අහිංසකයෙකුගේ ප්‍රේමනීය කතාව🌼