...වටිනාකම... part 7

120 13 1
                                    

"සුදූ වරෙන්කෝ බං යන්න , මටත් පරක්කු වෙනවා. අම්මේ ඕකව ඉක්මනට එවන්නකො අප්පා"

මූට නම් මූලග්ගින්න ම තමා අර මහීෂ අයියට වගේම.

"විනාඩි 5 දියන් අයියේ එන්නා.........ම්!!!!!"

මූ නිකන් බෙරිහන් දෙන්නේ මූ රට යන්න flight එකට යන්න පරක්කු වෙනවා වගේනේ.

"ආ යං යං ඉතින්"

.....................................................................

"1.30 ද එක්කන් යන්න එන්න ඕනේ?"

"ඔව් ඔව්. ආයේ ගෙදර ගිහින් 3.00 විට්ගර එන්න ඕනේ. House හදන්න ගන්නවා අද ඉඳන්"

අපේ ඉස්කෝලෙ house meets වලට tent  නෙමේ ගහන්නේ. ළමයි හැමෝම එකතුවෙලා තම්න්ගෙ නිවාසෙට අයත් ground එකේ කොටසේ පිනා දෙන මාතෘකාවට ගැලපෙන්න ලස්සන නිවාස හදන්න ඕනේ .

" පරිස්සමෙන් ඉඳාම් , මං යනවා"

"හා හා ඔයත් පරිස්සමෙන් යන්න "

මෙතන ඉඳලා හරියන්නෙ නෑ , යන්න ඕනේ මගේ තුදු පාත්තයව බලන්න.

මොකද අර ගයානුයි උගේ සෙට් එකයි කන්න වගේ බලන් ඉන්නේ. ශිප් එක ඇරිලා නෑනෙ . පුපේ වත් මොනා හරි වැදිලද?. නෑ නෑ එහෙනම් අයියාට යන්න කලින් පේනවනේ. මුන්ට රීරී යකාවත් ගහලද . අනේ මන්දා.

" ආ තරූ උබ ආවද, අපි ඒත් බැලුවා අද ඇයි පරක්කු කියලා"

"Good morning නුවෝ good morning ඕශාන්. ඔව් ඕයි චුට්ටක් එන්න පරක්කු උනා බං. නැගිටිද්දි චුට්ටක් වෙලා ගියා"

" ඔව් ඔව් අපිට ආරංචි උනා වන බඹරෙක් උබ තුරුලට පියබා ආවා කියලා. නේද ඕශාන්"

" ඔව් ඔව් බං ඉතින්. උබල ගිය ටිකේම ආවෙ නෑනෙ ඉතින් . ඒක නෙමේ කෝ නිමේෂයා, ආවෙ නැද්ද තාම?"

"ආවා ආවා බං. අමීලියා building එක පැත්තට ගියේ උගේ මිනිහව හොයාගෙන"

" ම්ම්ම් ඒමද, මේ උබලා මහිෂ අයියව දැක්කෙ ඒම නැද්ද?"

"අමීලියා එකේ පුස්තකාලෙ රිංගන් ඇති ඉතින් ඌ ඒකමනේ ඉන්නේ. ඒක නෙමේ තරූ මොනා උනත් පරිස්සමෙන් උබ, මට ගයාන් අයියලාව  sure නැහැ."

" ඒ මොකෝ බං ඒ?"

" උබට මතක නැද්ද බල්ලො ගයානයාගේ මල්ලි ඒ දවස් වල මහීෂයාගෙ පස්සෙන් ගියා. පස්සෙ මහීෂයා බෑ කිව්ව නිසා චොර උනානේ ඌ"

🌼..ප්‍රාර්ථනා නිමා නොවේ..🌼Where stories live. Discover now