part 37

84 5 1
                                    

වසරක පමණ කාලයකට පසු.

______________________________________

මේ වෙද්දි මහීෂ අයියා උසස් පෙල පාස් වෙලා කැම්පස් යන ගමන් හිටියේ . එයා නම් ඉතින් කොලඹ කැම්පස් එකේ ඉන්ගිනේරු පීටෙට තේරිලානේ 🙄. ඉතින් මාත් මේ වෙද්දි රිසාල්ට් එනකම් බලන් හිටපු නිසා කනක් ඇහිලා ඉන්න විදිහක් නෑ වටේ පිටේ උන්ගෙන්

' පුතේ ඔයා අරක කරන්න මේක කරන්න ඒ දේ හොඳයි මේ දේ හොඳයි අරයගේ දුව මේක කරනවා අරයගේ පුතා මේක කරනවා මේක අපිලගේ රට අපිලගේ නීතිය අම්මට හැමි##න '

කියලා කියනවා කියනවා ඉවරයක් නෑ. උන් කියන එක නවත්තන්නෙත් නැ මං අහන එක නවත්තන්නෙත් නෑ එක්කෝ උන් හැදෙයි නැත්තන් මං හැදෙයි. ඔන්න ඕක තමා ප්‍රශ්නේ. එ අස්සේ අර ලොකු නැන්න්දා කියන ඉසකුඩිච්චිය මට කෙල්ලෙකුත් ජෝඩු කරලා ඒ කෙල්ලව කසාද බඳින්න කියලා වැලලෙනවා. යකෝ තාම මට අවුරුදු 20 ක් වත් සම්පූර්ණ නැ මේකි මගුලුත් හොයලා . අපේ අයියට ඕක ආරංචි වෙලා හොඳවැයින් කියලා තිබ්බා කනේ ඇඟිලි ගහගන්න. මෙකි නිකන් අපිට කන්න බොන්න දීලා හදලා වගේ මේ අහිංසක බෝ පැලයක් වගේ ඉන්න මට මගුල් හොයන්නේ. රෙද්ද.

අනේ ඒකට මගේ පාත්තයා නම් කියන්නේ ' ඔයාට හොඳයි කියලා හිතන දෙයක් කරන්න තරූ මම ඕනෙම දේකට මගේ මැනික එක්ක ඉන්නවා ' කියලා . අන්න මිනිස්සු.

" අද රිසාල්ට් ආවම චූටි දැන් ඇත්තටම මොකක්ද කරන්න හිතන් ඉන්නේ ?"

ඒ ඉතින් මගේ නෑනන්ඩි...එයා විතරයි ඇහුවේ මං කරන්න හිතන් ඉන්න දේ මොකක් ද කියලා.

" එයාට කොරියන් පිස්සුවනේ දුව "

ඒ ඉතින් මගේ සුදාම්මියා.

" රිසාල්ට් එක මොකක් උනත් මං හිතන් ඉන්නේ කොරියන් යන්න. රිසාල්ට් මදි නම් කොරියන් exam ලියලා ජොබ් එකකට යනවා...රිසාල්ට් හොඳනම් කොරියන් කැම්පස් එහෙකට ඉල්ලුම් කරනවා."

" ඒක නම් හොඳයි තමා..කොහොම හරි හොඳ තැනකට එන්නකෝ මහන්සි වෙලා"

මහීෂ අයියත් මං කොරියන් කැම්පස් යනවා කියපු නිසාම එයත් කොරියන් කැම්පස් කිහිපයකටම ඉල්ලුම් කරලා තිබුනා.ඒකෙන් එකකට තෝරගෙන තිබුනත් අයියා ගියේ නෑ මගේ රිසාල්ට් ආවම මාත් කැම්පස් එකකට ඉල්ලුම් කරනකන් ඉඳලා මාත් එක්කම යනවා කියලා. අනේ ඉතින් ඒක මගේ හීනයක් . නොකිව්වට මගේ හිතෙත් තිබ්බේ දවසක ආදරේ කරන කෙනා එක්කම කොරියන් ගිහින් එකම ගෙදරක හැමදාටම ජීවත් වෙන්න.

🌼..ප්‍රාර්ථනා නිමා නොවේ..🌼Where stories live. Discover now