part 31.

64 7 0
                                    

"චූටි!!!!!!පොඩී!!!!! නැහිටලා එන්න පහලට...අදත් පස්සට එලියවැටෙනකම් නිදාගන්නෙ නැතුව"

උදේම අක්කා ඇවිත් මගේ කාමරේ දොරට තඩිබාන්න ගත්තා.. අද ඉතිම් මංගල්ලේ දවසනේ අලේ...අද ඉතිම් පාටි තමයි...

"අයියේ .... අයියේ නැගිටින්නකෝ"

"අනේහ්....... නිදාගන්න දෙන්නකෝ තව ටිකක්"

"ඔය මොකද කරන්නේ....මේ මොකද මේ අයින් වෙන්න"

මේ මනුස්සයව නැගිට්ටනවට වඩා ලේසියි බල්ලෙක්ට සිංහල උගන්වන එක.. දැනුත් නැගිට්ටන්න හදද්දි මගෙ බැනියම උස්සලා ඔලුව ඔබා ගත්තා බැනියම ඇතුලට...මේකගෙත් නාකි හුරතලේ.

"ඔයත් තව චුට්ටක් නිදාගන්න අනේ ඔහොම්මම"

"ඔව් ඔව්. කොහොමත් මෙතනම හිටියොත් අපි හතර දෙනාවම අපේ අම්මා සදහටම නිදිකරවයි........විකාර නැතුව නැගිටලා එන්න සුදූ ලෑස්ති වෙන්න"

අයියවත් බැනියම අස්සෙන් එලියට ඇදලා ගත්තා කෝම හරි ඒත් මේකා ආපහු මූන මගේ පපුව අස්සෙ ගහගෙන නිදි..අරුන් දෙන්නත් හොඳට නිදි..ශෙනුක අයියා ලස්සනට නිදාගෙන ඉන්නවා..ඒකට නිමේෂයා . උගේ ඔලුව මගේ කොට්ටේ කකුලක් ශෙනුක අයියගේ බෙල්ල ගාව අනිත් කකුල ශෙනුක අයියගේ කකුල් දෙක අස්සේ.. අනේ මංදා මුන් දෙන්න එකට ඉන්න කාලෙක ලමයෙක් හදාගත්තොත් මුන් එක්ක ඒ ලමයා ඉන්නේ එක රැයයි.. නිමේෂයා කැරකෙන කැරකිල්ලේ හැටියට ලමයා ඉතුරු උනොත් තමා පුදුම.

"නැගිටපිය පොඩි බේසිකයා"

"ආව්!!!!මොන හු#*.' බං කරන්නේ .... කොන්ද ලෙප්ට් ද කොයිද"

නිදාගෙන හිටපු නිමේෂයාගේ පිට මැද්දට දබොස් ගාලා හෙන පාරක් අතෑරලා ඌවත් නැගිට්ටුවා..

"කොන්ද ගැන පස්සේ බලපන්....ඉස්සෙල්ලා මේ මිනිස්සු දෙන්නව නැගිට්ටන විදිහක් හිතපන්"

නිමේෂයි මායි කොච්චර කතාකරත් මුන් දෙන්නා නෙමේ නැගිට්ටේ.. උදේ පාන්දර ලේ කෝප කරනවානේ ඉතින් මේ මින්නිස්සු අපේ ..... ආපහු මායම් වලින් ප්‍රයෝජනයක් ගන්න ඕනේ.

"සුදූ නැගිටින්නකෝ .... කෝ නැගිටින්න උම්මා එකක් දෙන්න"

නිමේෂයා හෙන ගොන් චාටර් මායමක් දැම්මා ශෙනුක මහ පගයට.. අනේ ඉතින් නැගිටියි මෙන් මං නැගිට්ටා කියලා. අපරාදේ නිමේෂයාගේ වචන ටික.මාත් කලින් දවසක් ඕක දැම්මට වැඩකරේ නෑනේ .

🌼..ප්‍රාර්ථනා නිමා නොවේ..🌼Where stories live. Discover now